ඩොලරය හදිසියේම වැඩි වීමට හේතුව මෙන්න.. ඉදිරියෙදී වෙන දේ..
ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඩොලරට ඇති ඉල්ලුම හා සැපයුම මත එහි මිල තීරණය වන බව කී රංජිත් සියඹලාපිටිය මහතා ආනයන ඉහළ යන සතියක ඩොලරයට ඇති ඉල්ලුම ද වැඩිවන බවයි සඳහන් කළේ.
මහ බැංකුව ඩොලර් බිලියන තුනක් මිලදී ගෙන ඇති බවත්, එසේ මිලදී නොගත්තේ නම් ඩොලරය තවදුරටත් පහළ යාමක් සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා..
ඔහු මේ බව සඳහන් කළේ, රුපියලේ අගය ඊයේ (15) දිනයේ දී තවදුරටත් අවප්‍රමාණය වීම පිළිබඳව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
මේ අතර මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාත අනුව රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී තිබුණා.
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 335ක් ලෙසයි.
ගැණුම් මිල රුපියල් 315ක් ලෙස දැක්වුණා.
එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 318යි ශත 99ක් ලෙස දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 303 යි ශත 19ක් ලෙසයි.
කෙසේ වෙතත්, ඩොලරය උච්චාවචනය වීම පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මෙලෙස අදහස් දක්වා සිටියා.