සීඝ්‍රයෙන් පැතිරෙන මාරාන්තික වෛරස් උණ ගැන වෛද්‍යවරු අනතුරු අඟවයි.

Ministry of Health Sri Lanka Virus
By Wayomi Jan 12, 2023 09:49 AM GMT
Wayomi

Wayomi

Report

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය මාරාන්තික විය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවනවා.

එමඟින් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම උණ රෝගී තත්ත්වය විශේෂයෙන් ගර්භණී සහ වයස්ගත පුද්ගලයින් ට මාරාන්තික තත්ත්වයක් වුවත් ඇති කළ හැකි බවද ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා අවධාරණය කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙම උණ රෝගයේ ලක්ෂණ ලෙස කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව හා කැරකැවිල්ල හඳුනාගෙන ඇති බවයි.

“දැනට මාස දෙක තුනක් තිස්සේ බොහෝදෙනක් උණ රෝගයෙන් පෙළෙනවා. ශ්වසන පද්ධතියේ ඇති වෙන්නා වූ ආසාදනයක් විදියට දකින්න පුළුවන්. මේක සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි දැනට පැතිරී යන වෛරස් එකක්. ඒ වෛරසය අපි හඳුනාගෙන නොමැති වුණත් අපි හිතනවා ඒක ඉන්ෆ්ලුවෙන්සා එක් ප්‍රභේදයක් කියලා. නමුත් බොහෝ රෝගීන් මෙම වෛරස් රෝගය දවස් දෙක තුනකින් සුව වුණත් ඊට පසුව දීර්ඝ කාලීනව පවතින කැස්සකට ලක්වෙනවා. ශරීරය විසින් මේ වෛරසය මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කරන ප්‍රතිදේහ සහ ඒවා ක්‍රියාත්මක වීම නිසා පෙනහළුවල තියෙන නාල කුඩා වීමක් සිදුවෙනවා.

සීතලට ලක්වුණොත් නැත්නම් රාත්‍රී කාලයේ දී මේ සීතලට ලක්වූ නාල තුළින් වාතය ගමන් කිරීම මදක් අපහසුයි. එතකොට ඔබට හුස්ම ගැනීම අපහසු වෙනවා. හතිය වගේ රෝග ලක්ෂණයක් එන්න පුළුවන්.

ඉතාමත් වැදගත් දේ තමා අපි හිතමු ගර්භණී මාතාවක් එහෙම නැත්නම් වයසක අවුරුදු 70, 80 හෝ 90ක කෙනෙකුට මේ වෛරසය ඇතුළු වුණොත් වකුගඩු අක්‍රීය තත්ත්වයෙන් පෙළෙන රෝගියෙකුට මේ වෛරසය ඇතුළු වුණොත් ඒ තත්ත්වය මාරාන්තික තත්ත්වයක් දක්වා යන්න පුළුවන්.” 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW