මෙරට වෛද්‍යවරුන් ගැන රජයෙන් විශේෂ තීරණයක්..

Report

විශ්‍රාමික වෛද්‍යවරුන් සහ කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට පැමිණීමට අපේක්ෂා කරන වෛද්‍ය, විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීමට රජයේ සැලසුමක් තිබෙනවා. 

ඒ අනුව ලබන සතියේ සිට එය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. 

ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙසයි මෙම විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන්නේ.