රෝගීන් 15ක් මැරුවා මදිවට ගෙවලුත් ගිනි තිබ්බ වෛද්‍යවරයා...

Report

ජීවිතයට තර්ජනයක්ව පවතින මාරාන්තික රෝගාබාධවලින් පෙළෙන රෝගීන් සඳහා සහන සත්කාර සේවාවන් සැපයූ වෛද්‍යවරයකුට එරෙහිව තමන් භාරයේ සිටි රෝගීන් 15 දෙනකු හානිකර බෙහෙත් වර්ග ලබා දී මරණයට පත් කිරීමේ චෝදනා ගොනු කිරීමට ජර්මානු බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

දේශීය කිරි නම් වැට් බද්දෙන් නිදහස්

දේශීය කිරි නම් වැට් බද්දෙන් නිදහස්

තමන් භාරයේ සිටි මාරාන්තික රෝගාබාධවලින් පෙළුණු වයස අවුරුදු 25ත් 94ත් අතර වයස්වල පසු වූ කාන්තාවන් 12දෙනකු ඇතුළු 15 දෙනකු ,මරා දැමීමේ චෝදනා මත අත්අඩංගුවේ පසුවන 40 හැවිරිදි ජර්මානු වෛද්‍යවරයකුට එරෙහිව මෙසේ අපරාධ චෝදනා ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

කෙසේ වුවද චූදිත වෛද්‍යවරයා විසින් ඔහුට එරෙහිව නඟා ඇති චෝදනා කිසිවක් පිළිගෙන නොමැති බව වාර්තා වී තිබේ.

මට දවසකට ලියුම් දාහක් විතර ලැබෙනවා.. ඒවට පිළිතුරු ඕනනම් මාලිමාවට ඡන්ද දෙන්න..- අගමැතිනි

මට දවසකට ලියුම් දාහක් විතර ලැබෙනවා.. ඒවට පිළිතුරු ඕනනම් මාලිමාවට ඡන්ද දෙන්න..- අගමැතිනි

ජර්මානු බලධාරීන්ට අනුව අදාළ වෛද්‍යවරයා විසින් තමන් භාරයේ පසුවූ සහන සත්කාර සේවාවන් ලබා ගත් රෝගීන් මරා දැමීමෙන් පසු සිය අපරාධ ක්‍රියාවන් වසං කිරීම සඳහා එම රෝගීන්ගෙන් ඇතැමකුගේ නිවාස ගිනි තබා විනාශ කර තිබේ.

චූදිත වෛද්‍යවරයාට එරෙහිව ජීවිතාන්තය දක්වා වූ වෘත්තීමය තහනමක් හා දිගුකාලයක් රඳවා ගැනීමේ නියෝගයක් අධිකරණය හරහා පනවා ගැනීමට නීතිවේදීන් විසින් කටයුතු කරගෙන යන බව වාර්තා වේ.