කාමාතුරයෙක් වූ දොස්තර - පෝලිමේ ඉන්න අයව ඇතෑරලා තරුණ කතකට අතවර කරලා අත්අඩංගුවට

Report

කහතුඩුව, වෑතර දිසා රෝහල තුළදී 26 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමක් සම්බන්ධයෙන් 40 හැවිරිදි වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය වාර්තා කරයි.

ඒ අනුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙක් බව සඳහන්.

පැමිණිලිකාර කාන්තාව ඇයට වැළඳී තිබූ රෝගයකට පසුගිය 12 වෙනි දින කහතුඩුව වෑතර දිසාරෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති තිබෙනවා.

එසේම එදින වෛද්‍යවරයෙකුගෙන් ලද උපදෙස් අනුව මුත්‍රා සාම්පලයක් පරික්ෂා කරගෙන නැවත 19 වෙනි දින ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත පැමිණ ඇති බව පොලීසිය පවසයි.

පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ එම අවස්ථාවේදී බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරියක් සිට ඇති අතර, පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දී ඇති බවයි.

ආයෙත් විදෙස් කාන්තාවට නිරුවත පෙන්නපු නරුමයෙක් රටටම ලැජ්ජාවක්

ආයෙත් විදෙස් කාන්තාවට නිරුවත පෙන්නපු නරුමයෙක් රටටම ලැජ්ජාවක්

එහෙත් එම අවස්ථාවේදී පෙර උපදෙස් ලබා දී තිබූ සැකකාර වෛද්‍යවරයා අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම පසෙකලා පැමිණිලිකාරිය සන්තකයේ තිබූ වෛද්‍ය වාර්තා රැගෙන පරික්ෂා කර පැමිණිලිකාරිය පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇත.

පසුව කාන්තා නිලධාරිනියක් නොමැති කාමරයක් තුළට රැගෙන ගොස් පරික්ෂා කළ බවත්, එහිදී ඔහු විසින් කරදර කළ බවටත් අඳාළ පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

මේ අතර පැමිණිලිකාර කාන්තාවට අධිකරණ වෛද්‍ය පෝරම ලබාදීමෙන් අනතුරුව අද දින (24) දෙපාර්ශයේ කැඳවා විමර්ශනය කළ බවද පොලීසිය සඳහන් කරයි.

එබැවින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබූ බවත්, සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් කහතුඩුව පොලීසිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

ඒක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් මම ඕන කරන උත්තරේ දුන්නා මට නිකරුණේ ඒක කියන්න බෑ - CID ආපු ගයත්‍රී ඩයස්

ඒක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් මම ඕන කරන උත්තරේ දුන්නා මට නිකරුණේ ඒක කියන්න බෑ - CID ආපු ගයත්‍රී ඩයස්

මේ ලග්නවල අය අද කේන්ති ගන්නේ නැති තරමට හොඳයි - වාද විවාද නිසා නොසිතන දේ වෙයි

මේ ලග්නවල අය අද කේන්ති ගන්නේ නැති තරමට හොඳයි - වාද විවාද නිසා නොසිතන දේ වෙයි