මරණ පරීක්ෂණයට ඔබත් අල්ලස් දෙනවාද ?

Sri Lanka Police Sri Lanka Death
By Wayomi Feb 19, 2025 11:34 AM GMT
Wayomi

Wayomi

Report

අද මේ රටේ රජ්‍ය සේවකයන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර මෙම රාජ්‍ය සේවය තුලත් සමහර අවස්ථාවලදි අල්ලස හා දුෂණය පවතින බව රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසනවා.

හැටන් කොටගල කොමාර්ෂල් ප්‍රදේශයේ උත්සව ශාලාවකදි ප්‍රදේශයේ මානව හිමිකම් කඩවීම් පිලිබදව දැනුවත් කිරිමේ වැඩ සටහනකදි ඔහු මේ බව කියා සිටියා.

ගණේමුල්ල සංජීව ඝාතනයට ගිනිඅවිය ගෙනාවේ නීතිඥ වෙස්ගත් කාන්තාවගේ තොරතුරු හෙළිවෙයි. - පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)

ගණේමුල්ල සංජීව ඝාතනයට ගිනිඅවිය ගෙනාවේ නීතිඥ වෙස්ගත් කාන්තාවගේ තොරතුරු හෙළිවෙයි. - පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පිලිප් දිසානායක මහතා කියා සිටියේ, මෙම ප්‍රදේශයන් තුලත් විවිධ මානව හිමිකම් කඩවිම් සිදුවන්න පුලුවන් එම තත්වයන් පිලිබදවත් සොයා බැලිමට පියවර ගත යුතු බවයි.

"මේ වන විට මේ රටේ රාජ්‍ය සේවයේ දාහතර ලක්ෂ පනස් දහසක් පමණ යෙදි සිටිනවා මෙම රජ්‍ය සේවයේ යෙදි සිටින සමහර පිරිස් අතරත් අල්ලස හා දුෂනය පවතිනවා.

අල්ලස යනු කිසියම් කාර්යක් ඉටු කර ගැනිමට හෝ ඉටු නොකිරිමට යම් දෙයක් ලබා දිමයි. මෙය මුදලින් වෙන්නත් පුලුවන් වෙනත් දෙයකින් වෙන්නත් පුලුවන්.

අද සමහර අවස්ථාවලදි රෝහලකට ගොස් බෙහෙත් ගැනිමට මළ සිරුරක් කඩිනමින් මෝචරියෙන් එලියට ගැනිමට, මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනිමටත් සමහර අවස්ථාවලදි අල්ලස් දිමට සිදු වෙන්න පුලුවන්.

2023 වර්ෂයේදි ගෙනා අල්ලස් දුෂණ විරෝධි පනත ඉතා හොද දෙයක් මෙයට පෙර ලිංගික අල්ලස් ඉල්ලිම ඇතුලත් කර තිබුනේ නැහැ එත් 2023 එයද ඇතුලත් කර තිබෙනවා එමෙන්ම කලින් තිබුනේ රාජ්‍ය සේවයට පමණයි එත් 2023 යටතේ එය ඕනැම අයෙක් අල්ලස් දුෂණය කලහොත් එයට විරුද්ධව නිතිමය පියවර ගත හැකියි.

එමෙන්ම මේ වන විට වත්කම් බැරකම් නීතියද අනිවාර්ය කිරිමට පියවර ගෙන තිබෙනවා. මෙයත් ඉතා හොද දෙයක්."

ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු හීන් සීරුවේ උසාවියට රිංගන හැටි. - CCTV දර්ශන එළියට. - (VIDEO)

ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු හීන් සීරුවේ උසාවියට රිංගන හැටි. - CCTV දර්ශන එළියට. - (VIDEO)

You May Like This Video👇

  


ReeCha