මම පසුගිය අවුරුදු 18 පුරාවටම විඳපු දුක.. කෝලි හඬා වැටී.. [VIDEO]
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමට IPL ශූරතාව ජයග්‍රහණය කර දීම සඳහා තම තරුණ කාලය, ප්‍රමුඛත්වය සහ අත්දැකීම් පසුගිය විසි වසර තුළ ලබා දුන් බව RCB හි ජ්‍යෙෂ්ඨ පිතිකරු විරාට් කෝලි පවසයි.
කෝලි මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (ජුනි 03) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 06කින් පරාජය කරමින් IPL ශූරතාව දිනූ අවස්ථාවේදීය.
RCB වෙනුවෙන් ආරම්භයේ සිට මේ දක්වා සිටින ලෝකවාසී රසිකයන්ට මෙම ජයග්‍රහණය ඉතා වැදගත් බව කෝලි සඳහන් කළේය.
කෝලි තවදුරටත් මෙසේ පැවසීය:
“මෙම ජයග්‍රහණය කණ්ඩායමට මෙන්ම රසිකයන්ටත් ඒ තරමටම වටිනවා. මේ සඳහා අපිට වසර 18ක් බලා සිටීමට සිදු වුණා. මම මගේ තරුණ විය, මගේ උත්සාහය සහ මගේ සියලු අත්දැකීම් මේ කණ්ඩායමට පුද කළා. සෑම තරග වාරයකදීම මම මේ ශූරතාව දිනා ගැනීමට මගේ උපරිමය ලබා දුන්නා.
මේ මොහොත ලැබීම ඇදහිය නොහැකි හැඟීමක්. මෙවැනි දවසක් එනු ඇතැයි මම කිසිදා සිතුවේ නැහැ. අවසන් පන්දුව යැවූ මොහොතේ මට හිතාගන්න බැරි තරම් හැඟීම් ඇති වුණා. මේ ජය මට ඉතා වටිනවා. මම මගේ සියලු ශක්තිය මේ කණ්ඩායම වෙනුවෙන් යෙදෙව්වා. IPL ශූරතාව දිනා ගැනීම ආශ්චර්යජනක හැඟීමක්.”
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වසර 18ක් පුරා IPL ශූරතාව ජයග්‍රහණය කිරීමට උත්සාහ කළ අතර, 2009, 2011, සහ 2016 වසරවලදී අවසන් මහා තරගයට පිවිසුවත්, අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු විය. IPL තරග වාර 18 පුරාවට එකම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා වන්නේ විරාට් කෝලි ය. මෙවර IPL තරගාවලියේදී RCB කණ්ඩායම මූලික වටයේ තරග 14න් 9ක් ජයග්‍රහණය කරමින් පන්ජාබ් කිංග්ස් හා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
කාසියේ වාසිය දිනූ පන්ජාබ් නායක ශ්‍රෙයාස් අයියර්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම, කඩුලු 9ක් දැවී ලකුණු 190ක් රැස් කළේය. එහිදී විරාට් කෝලි ලකුණු 43ක්, රජට් පටිදාර් ලකුණු 26ක්, ලියෑම් ලිවින්ස්ටන් ලකුණු 25ක්, සහ මයාන්ක් අගර්වාල් හා ජිතේෂ් ෂර්මා ලකුණු 24 බැගින් රැස් කළහ. කඩුලු බිඳ හෙළීමේදී කයිල් ජේමිසන් සහ අර්ෂදීප් සිං එක් අයෙකු කඩුලු 3 බැගින්, වෛෂාබ්, චහල්, සහ ඔමර්සායි එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
ලකුණු 191ක ඉලක්කය හඹා ගිය පන්ජාබ් කිංග්ස්, පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 184ක් රැස් කළේය.ශශංක් සිං නොදැවී ලකුණු 61ක්, ජොෂ් ඉංග්ලිෂ් ලකුණු 39ක්, ප්‍රභ්සිම්රන් සිං ලකුණු 26ක්, සහ ප්‍රිත්වි ආර්ය ලකුණු 24ක් ලබා ගත්හ.
කෙසේ නමුත්, එම ලකුණු ප්‍රමාණය IPL ශූරතාව දිනා ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ප්‍රමාණවත් නොවීය. ඒ අනුව, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වසර 18කට පසුව ඔවුන්ගේ පළමු IPL ශූරතාව ජුනි 03 රාත්‍රියේදී ජයග්‍රහණය කළේය. තරගයේ වීරයා ලෙස RCB වෙනුවෙන් කඩුලු 2ක් දවා ගත් කෘනාල් පාණ්ඩ්‍යා නම් කෙරිණි. තරගාවලියේ වීරයා සම්මානය සූර්යකුමාර් යාදව් විසින් දිනා ගන්නා ලදී. විශිෂ්ටතම උඩ පන්දු රැකීමේ සම්මානය සන් රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කළ කමිඳු මෙන්ඩිස් විසින් හිමි කර ගන්නා ලදී.
