ඖෂධ ගැන පළ වෙන්නේ අසත්‍ය ප්‍රචාරයක්(VIDEO)

Report

පසුගිය දිනවල වාර්තා වූ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් සම්බන්ධයෙන් අද දින සොඛ්‍ය අමාත්‍යවරයාගෙන් පැවති මාධ්‍ය හමුවකදී විමසීමක් කර ඇත.

එහිදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ එය අසත්‍ය පුවතක් බවයි.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

ඒ අනුව ඔහු කියා සිටියේ ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් යම් පැමිණිලි කිහිපයක් ලැබී තිබුණු බැවින් ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පරික්ෂා කර ඇත.

එහිදී ඉතිරි එන්නත් තොගය තාවකාලිකව භාවිතයෙන් නතර කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉන්පසු ලද පරීක්ෂණ ප්‍රතිඵල මත එම ඉමියුනොග්ලොබියුලින් ඖෂධය නැවත භාවිතයට ගත හැකි බව පවසා ඇත. මෙය කිසිසේත් කෙහෙළිය රඹුක්වැල්ලට සම්බන්ධ ඖෂධ තොගයක් නොවන බව ද ඔහු පවසයි.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

එසේ තිබියදී ඇතැම් මාධ්‍ය ආයතන සිදු කරන අසත්‍ය පුවත් නිසා සමාජය තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී පවසයි.

ඒ අනුව අසත්‍ය පුවතක් පදනම් කොට ගෙන සමාජය තුළ අනිසි භීතියක් ගොඩ නැගීමට කටයුතු කළ අය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)

මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)