අනුරාධපුරෙන් කොවිඩ් රෝගීන් 6ක් සහ එක් මරණයක්

By Mithu Jun 04, 2025 11:33 AM GMT
Report

කෝවිඩ් 19 ආසාධිත රෝගීන් හය දෙනකු එක් මරණයක් මැයි මාසයේදී අනුරාධපුරයෙන් වාර්තාවි ඇතැයි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද පැවසිය.

මේවන විට එම රෝගීන් අනුරාධපුර ශික්ෂණ රෝහලේදි ප්‍රතිකාර ලබා සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ. කෝවිඩ් 19 රෝගය වැලදිමෙන් අනුරාධපුර, සාලියවත්ත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයකු අප්‍රේල් මාසයේදි මියගිය බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙහිදි පැවසිය.

නමුත් රජය පවසා සිටියේ කොවිඩ් රෝගය පිළිබඳ තොරතුරු අවසරයකින් තොරව පල කරන පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.