ගණේමුල්ල සංජීව ඝාතනය සැකකරු හඳුනා නොගනී
පසුගියදා පාතාලය යළි හිස එසවීම නිසා බොහෝ ප්‍රදේශවල වෙඩි තැබීම් රැසක් වාර්තා විය.
ඒ අතර ගනේ මුල සංජීව ඝාතනය පිළිබඳවද බොහෝ දෙනා කතා කරන්න පටන් ගත් අතර ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සැකකරු අද (4) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇත.
එම හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර, ඔවුන් විසින් සැකකරුව හඳුනා නොගත් බව වාර්තා වේ.