ඇෆ්ගනිස්තාන වැසියන් ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට

Pakistan World Sinhala news
By Mithu Jun 04, 2025 11:33 AM GMT
Mithu

Mithu

Report

ඇෆ්ගනිස්තාන ජාතිකයින් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් පාකිස්තානයෙන් ඉවත්ව ගොස් ඇති බව ඉස්ලාමාබාද් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. පාකිස්තාන රජය විසින් ඉකුත් අප්‍රේල් මාසයේදී ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිටුවහල් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමත් සමග මෙලෙස ඔවුන්ට පාකිස්තානය අතහැර යෑමට සිදුව ඇත.

ඉස්ලාමාබාද් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව අප්‍රේල් මාසයේදී 135,000ක් හා මැයි මාසයේදී 67,000ක් ලෙස ඇෆ්ගනිස්තාන ජාතිකයින් මේ වනවිට පාකිස්තානයෙන් පිටුවහල් කර තිබේ. එමෙන්ම ජුනි මාසයේ මුල් දින දෙක තුළ 3,000කට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානය වෙත යවා ඇත.

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

පසුගිය දශක කිහිපය පුරා ඇෆ්ගනිස්තානයේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් එරට වැසියන් මිලියන ගණනින් පාකිස්තානය වෙත පලා ගියේය. විශේෂයෙන් 2021 වසරේදී තලේබාන් රජය නැවත පැමිණීමෙන් පසු පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්ද ඒ අතර සිටියි.

නවක වද පනතෙන් අවුරුදු පහක කාලයක් තුල කිසිදු නඩුවක් දාලා නෑ - හරිනි (VIDEO)

නවක වද පනතෙන් අවුරුදු පහක කාලයක් තුල කිසිදු නඩුවක් දාලා නෑ - හරිනි (VIDEO)

ඒ අනුව තවත් ඇෆ්ගනිස්තාන ජාතිකයින් ලක්ෂ 8කට වැඩි පිරිසක් ඉවත්කිරීම සඳහා පාකිස්තාන රජය පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ. මෙලෙස පලවාහරින අයගෙන් ඇතැම් අය පාකිස්තානයේ උපත ලැබූ හෝ දශක ගණනාවක් එහි ජීවත් වූ අය ද වේ.

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි

ReeCha