කොතලාවල විශ්වවිද්‍යාලය ගැන රජයෙන් දැඩි තීරණයක් [VIDEO]

Report

අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වෛද්‍ය පීඨ දොර දේශීය සිසුන් පිරිසකට වැසීමට එරෙහිව සිසු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇති බව ප්‍රකාශ කළා.

ඔහු පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උපකුලපතිවරු අද දින ජනාධිපතිවරයා හමුවීමට ද නියමිත බවයි.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ඒ අනුව කරුණානායක මහතා විමසා සිටියේ මේ අවස්ථාව ශිෂ්‍යන්ට උදා කර නොදීමට හේතුව කුමක්ද යන්නයි.

එහිදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කිසිසේත්ම වැසීමට ක්‍රියා නොකරන බවට පිළිතුරු ලැබුණි.

ගැටලුව ඇත්තේ මේ වන විටත් රජයේ විශ්වවිද්‍යාලවලින්ද විශාල වෛද්‍යවරුන් ප්‍රමාණයක් පිටවීමට ද නියමිතව ඇති බවයි.

ඒ අනුව මෙම ක්‍රියාවලිය සමාලෝචනයකට බඳුන් කර ඇති බව ද පවසා තිබෙනවා.

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලවලින් පිටවන විශාල පිරිසකට සීමාවාසික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවයි.

ඒ සඳහා විසඳුමක් සාකච්ඡා කරමින් සිටින බව ද මෙහිදී ප්‍රකාශ කළා.

එසේම ඊයේ දින ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෛද්‍ය උපාධිය හැදෑරීමට දේශීය සිසුන් ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සිසුන් පිරිසක් ඉදිරිපත් කර තිබෙනවා.   

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි