එකම පාසලේ දරුවෝ 78ක් රෝහලට

Hospitals in Sri Lanka schools Sinhala news
By Mithu Jun 04, 2025 01:25 PM GMT
Mithu

Mithu

Report

ප්‍රාථමික පාසල් සදහා ලබා දෙන ආහාර ගැනීමෙන් පසු ඇති වූ විවිධ අසාත්මිකතාවයක් හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ පාසල් දෙකක සිසුන් 78 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ, ඉන් සිසුන් පිරිසක් මේ වන විටත් ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බවයි.

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

මඩකලපුව කල්ලඩි විනයාගර් විද්‍යාලය සහ කොට්ටමුනේ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල්වල සිසුන් පාසල් විවේක කාලයේ එහි ආපනශාලාවෙන් මිලදී ගත් ආහාර අසාත්මික තාවයක් හේතුවෙන් දරුවන් 78 දෙනකු රෝහල් ගත කර ඇතැයි දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අංශය කියයි.

සිසුන් වමනය සහ කරකැවිල්ල හේතුවෙන් රෝහල්වලට ඇතුළත් කර ඇත. දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු නිලධාරින් ඔවුන් වහාම ගිලන් රථවලින් රෝහල් හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි

ReeCha