DMT ලොක්කෙක් හදිසියේම අත්අඩංගුවට..!

Bribery Commission Sri Lanka Department of Motor Vehicles Latest Headlines
By Sewvandhi Feb 06, 2025 03:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් ඊයේ (5) ,මෙරටට අනීතිකව ආනයනය කරන ලද වාහනයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මගින් පැවරීම් කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව යටතේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් නියෝජ්‍ය කොමසාරිස්වරයා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ රාජකාරි සිදුකළ මේ වනවිට වැඩ තහනමට ලක්ව ඇති අයෙක් බවයි එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක්කරමින් එම කොමිෂන් සභාව දන්වා සිටියේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව, ටොයෝටා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ රථයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම නීතිවිරෝධී ලියාපදිංචි කිරීම පිළිබඳ කරුණු හෙළි වී ඇත.

ඒ අනුව සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25,000ක මුදල් ඇප හා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 05ක් මත මුදා හැර ඇත. ඊට අමතරව මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයාට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ,මෙම සැකකරු විසින් බස් රථ තුනක් සඳහා පරම අයිතිය වෙනස් කර පවරා ගැනීමේ කටයුතු සඳහා අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවකට අදාළව සිදු කරන ලද වැටලීමක ද අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සම්බන්ධ විමර්ශන කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය නිවේදනයේ දක්වා තිබේ.

You may like this video 👇


ReeCha