දිවයිනම ආවරණය වන සුනාමි පෙර සූදානමක් පැවැත්වීමට සැලසුම්

Report

 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසන්නේ පසුගිය මාස තුනක කාලය තුලක කාලය තුල භූ කම්පන වැඩි වශයෙන් වාර්තා වී ඇති නිසා  සුනාමි තත්වයකට මුහුණදීම සඳහා සුනාමි පෙර සූදානමක් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නොවැම්බර් 05 වන දින කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ⁣සුනාමි පෙර සූදානම පිළිබඳව ත්‍රිවිධ හමුදා පොලිසිය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන වල නිලධාරීන් සමඟ පෙරසූදානම පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවක⁣ට එක්වෙමිනි.

ඇමති රට ඉද්දි ලේකම් දුන්න සේවා දිගුව අහලා කුමාර ඇමතිට මල පනී - ආපු ගමන් අවලංගුයි

ඇමති රට ඉද්දි ලේකම් දුන්න සේවා දිගුව අහලා කුමාර ඇමතිට මල පනී - ආපු ගමන් අවලංගුයි

රටවල් 28 සම්බන්ධ කලාපීය ආයතනයක් මගින් සංවිධානය කරනු ලබන එළබෙන 05 වනදා පැවැත්වීමට නියමිත සුනාමි පෙර සූදානම් පෙරහුරුවට ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය  ද   අයත් වේ .

ඒ අනුව සුනාමියකට සූදානම් රටක් ලෙස ලංකාව සූදානම් කිරීම සදහා මෙම  පෙරහුරුව ක්‍රියාත්මක කරයි.

තවද කළුතර, මාතර, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 04 ප්‍රධාන කරගෙන අනෙකුත් දිස්ත්‍රික්කද ආවරණය වන පරිදි මෙම පෙරහුරුව පවත්වනු ලබන බව වාර්තා වේ.  

අද මේ ලග්නවල අය පරිස්සමින් අනතුරුදායක කටයුතුවලින් ඉවත් නොවුනොත් අසුබ දේවල් රැසක්

අද මේ ලග්නවල අය පරිස්සමින් අනතුරුදායක කටයුතුවලින් ඉවත් නොවුනොත් අසුබ දේවල් රැසක්