ආපදාවට පත් වෙළෙඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගැනේ
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අදාල වෙළෙද නෞකාවට කාර්මික දෝෂයකුත් අදාල ආපදා තත්ත්වයක් ඇතිවීමත් හේතුවෙන්, එහි සිටි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාර්ථකව මුදාගෙන ඇත.
වියට්නාමයෙන් ඊජිප්තුව බලා ධාවනය වෙමින් සිටි එම්.වී. ඉන්ටග්‍රිටි ස්ටාර් නෞකාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100කට සමීප මුහුදු ප්‍රදේශයේදී අක්‍රීය වී තිබුණි.
තොරතුරු ලැබුණු බවත් සමගම ශ්‍රී ලංකා නාවික සමුදුර නෞකාව මෙහෙයුම සඳහා යොදවා ඇති බවත් නාවික හමුදාව සඳහන් කළේය.
මෙම මෙහෙයුමෙන් ඉන්දීය, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත නැව් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 14 දෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකි වුණා.
අදාළ කණ්ඩායම මේ වනවිට හම්බන්තොට වරාය වෙත රැගෙන එමින් පවතින අතර, නෞකාව සම්බන්ධයෙන් එය හිමි සමාගම විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද නාවික හමුදාව ප්‍රකාශ කරයි.