අද රටටම බලපාන තීරණාත්මක දෙයක් වෙන්නයි යන්නේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.
පසුගිය දිනවල වර්ජනය සිදු කළ ග්‍රාම නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සහ රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (01) දිනයේ පැවැත්වීමට නියමිතය.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.
පසුගිය දිනවල ග්‍රාම නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත විය.
එවන් පසුබිමක අද දිනයේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සමඟ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, අද එම සාකච්ඡාව අසාර්ථක වුවහොත් එළඹෙන දෙවන දා සිට දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ ය.