තැපැල් ඡන්ද අයදුම්පත් ගැන ඇහෙන අලුත්ම කතාව ..

Election Commission of Sri Lanka Sri Lanka General Election 2024
By Piyumika Oct 21, 2024 01:58 PM GMT
Piyumika

Piyumika

Report

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරින් අයදුම්පත් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබූ බවය.

වැව් පිට්ටනියෙන් එන පුළුටු ගද මොකක්ද කියලා හොයලා බැලුවම දකින්න ලැබුන බිහිසුණු දේ..

වැව් පිට්ටනියෙන් එන පුළුටු ගද මොකක්ද කියලා හොයලා බැලුවම දකින්න ලැබුන බිහිසුණු දේ..

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී තිබේ.

මහ මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අදහස් පළකළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා,

"මේ වනවිට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන්වෙලා තියෙන්නේ.මුළු තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් ලැබී තිබුණා. එයින් 738,050ක් පිළිගෙන තිබෙනවා.

මොනවා! ඡන්ද දිනය වෙනස් කරයි..?

මොනවා! ඡන්ද දිනය වෙනස් කරයි..?

පසුගිය ජනාධිපතිවරණයට වඩා තැපැල් ඡන්ද 25,731ක වැඩිවීමක් තිබෙනවා මේ ඡන්ද විමසීම සඳහා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කිරීම මේ මාසේ 23 වනදා සිදුකරනවා. ඒ වගේම නිල ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මේ මාසේ 26 වනදාට නියමවී තිබෙනවා.

ඒ වගේම තරගයට ඉදිරිපත්වෙන අපේක්ෂකයින් සඳහා ගුවන්කාලය වෙන්කිරීම හෙට දිනයේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.සියලුම දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයින් සහ ස්වාධීන් කණ්ඩායම්වල නියෝජිතයින් ට ඒ අවස්ථාව සඳහා මේ වනවිට දැනුම්දීලා තිබෙනවා."