මෙරට ප්‍රබල පුද්ගලයකුට හදිසියේ ම සිදු වුණු දේ

Srilanka covid19 politics
By Sithumi Sep 30, 2021 01:30 PM GMT
Sithumi

Sithumi

Report

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි දේශපාලන දර්ශනය සම්බන්ධයෙන් එම පක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. 

මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (30) ඔහු මේ පිළිබඳව සඳහන් කළේය. පසුගිය 28 වන දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චමින්ද විජේසිරි මහතා සඳහන් කර සිටියේ, "ආණ්ඩුවේ වැටීම පෙන්න පෙන්න ඒක අපේ දේශපාලන ගමන කියලා හදාගන්න උත්සහ දරනවා නම් ඒක තමයි විපක්ෂයේ අපේ වැටීම. අපිට දේශපාලන වැඩපිළිවෙලක් අවශ්‍යයි ඉදිරියට. 

අපි කියනවා සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුවේ වැරදි එක්ක ගමනක් යන්න හදනවා නම් ඒක දේශපාලන වශයෙන් රටේ ජනතාවට විහිළුවක්." යනුවෙනි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දැක්වුයේ මෙවන් අදහසකි. .

  "පක්ෂයක් කටයුතු කරද්දි සාමුහික මතය අනුව කටයුතු කරන්න ඕනේ. ආණ්ඩුව කරන වැරදි පෙන්නලා දීම තමයි විපක්ෂයේ කාර්යභාරය. විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවට කඩේ යන එක නෙමෙයි. මැතිවරණයක් එද්දි මැතිවරණ ප්‍රතිපත්ති. පක්ෂයේ මුලික ප්‍රතිපත්ති අපේ පක්ෂයේ දැනට තියෙනවා." ප්‍රශ්නය - එතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මොකද්ද ගන්න තීරණය ? 

 "එතුමාගෙන් මම ප්‍රශ්න කරනවා. ඇයි මේ වගේ ප්‍රකාශයක් කළේ කියලා. ඒ සම්බන්ධයෙන් ඇතුළේ බේරගෙන තිබුණා. ඔහු දක්ෂ මන්ත්‍රීවරයෙක්. නමුත් එතුමා ඒක නොකර හිටියා නම් හොඳයි හිතෙනවා. ඇතුළේ කරන්න ඕනේ එකක් එළියේ කරන්න ඕනේ නෑනේ."

ප්‍රශ්නය - විනය පරීක්ෂණයක් කරනවා ද ? "අපි ඒ ගැන සාකච්ඡා කරනවා."