පාසල් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් මුදල් - ආපදාවට ලක් වූ දරුවන්ට රු.බිලියන 1.9 ක්

Report

සියලු දිස්ත්‍රික්කවල දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ පාසල් දරුවන් සදහා රුපියල් 10,000ක දීමනාව ලබා දීමට ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000.00 ක මුදලක් වෙන් කර ඇත.

එම සියලු ප්‍රතිපාදන මේ වන විට අදාළ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ප්‍රාදේශීය ලේකම්වරු වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කරයි.

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් රජයෙන් ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල එක් සිසුවෙකුට රුපියල් 25,000ක මුදලක් ලබා දීමට පියවර ගත් අතර එයින් රුපියල් 15,000ක් මහා භාණ්ඩාගාරයෙන්ද, රුපියල් 10,000ක් ජනාධිපති අරමුදලින්ද ලබා දීම සිදු වේ.

ඒ අනුව අම්පාර, හම්බන්තොට, පොළොන්නරුව, මොනරාගල, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන්, ජනාධිපති අරමුදලින් ලබා දෙන රුපියල් 10,000ක දීමනාව මේ වන විට සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන අතර අනෙකුත් දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන්ද අදාළ මුල්‍ය ප්‍රදානය කඩිනමින් ලබා දීමට නියමිතව ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

බැංකු පොළිය 15% සිට 7%ට බස්සලා? පැන නැගුණු චෝදනාවක්

බැංකු පොළිය 15% සිට 7%ට බස්සලා? පැන නැගුණු චෝදනාවක්