ආපදා මරණ 465 දක්වා ඉහළට - දිස්ත්‍රික්ක 25ටම බලපෑම්

Report

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි බලපෑම් එල්ල වී ඇති ආපදා තත්ත්වය හමුවේ මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (02) සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනයට අනුව, පුද්ගලයින් 366ක් මේ වන විටත් අතුරුදන් වී සිටින අතර, පවුල් 437,507කට අයත් පුද්ගලයින් 1,558,919ක් ආපදාවෙන් පීඩාවට පත්ව සිටී.

ආපදා තත්ත්වයෙන් පීඩිත ප්‍රදේශවල විදුලි බිල් නොගෙවූවන්ගේ විදුලිය කපන්නේ නැහැ

ආපදා තත්ත්වයෙන් පීඩිත ප්‍රදේශවල විදුලි බිල් නොගෙවූවන්ගේ විදුලිය කපන්නේ නැහැ

මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති මරණ 118කින් වැඩිම මරණ සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළියෙන් මරණ 89ක්, කුරුණෑගලෙන් මරණ 53ක් සහ පුත්තලමෙන් මරණ 27ක් ලෙස වාර්තා වී ඇත.

එසේම, මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 171 දෙනෙකු, නුවරඑළියෙන් 73 දෙනෙකු, කෑගල්ලෙන් 48 දෙනෙකු, බදුල්ලෙන් 28 දෙනෙකු සහ කුරුණෑගලෙන් 27 දෙනෙකු ආපදාව හේතුවෙන් මේ වන විටත් අතුරුදන් වී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවේ සඳහන් වේ.

ඊසානදිග මෝසම් තත්ත්වයෙන් ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්

ඊසානදිග මෝසම් තත්ත්වයෙන් ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්