මේ මොකද මේ.. මැති ඇමතිවරු රැසකගේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර අහෝසි කරයි..

Report

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව විසුරු හැරීමෙන් පසු අවලංගුවූ බවට පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.

සහෝදරයා ගැන කියපු දේට අජිත්ට යකා වැහේ ..(VIDEO)

සහෝදරයා ගැන කියපු දේට අජිත්ට යකා වැහේ ..(VIDEO)

එසේම එම ගමන් බලපත්‍ර අහෝසි වූ බවට සියලුම මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවද දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ සිටින කතානායක නියෝජ්‍ය කතානායක විපක්ෂ නායක සාමාජික මන්ත්‍රීවරුන් තිදෙනා හැර පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන් 219කගේ සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ එම රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසිවනු ඇත.

ගමන් මලු පරික්ෂාවේදී ඇතුලේ සගවන් ආපු දේ දැකලා පරීක්ෂක වරුන්ගේ ඇස් උඩ යයි..

ගමන් මලු පරික්ෂාවේදී ඇතුලේ සගවන් ආපු දේ දැකලා පරීක්ෂක වරුන්ගේ ඇස් උඩ යයි..

සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ අවුරුදු 18 ට අඩු ළමයින් වෙනුවෙන් රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර වරප්‍රසාදය හිමිවෙයි. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ ස්වාමිපුරුෂයන්ට එම බලපත්‍ර වරප්‍රසාදය හිමිවන්නේය.

මේ අතර ඇමති කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා නිකුත් කරනු ලැබ තිබූ රාජකාරී ගුවන් ගමන් බලපත්‍රද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී ගිය බව චමින්ද කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මම මන්ත්‍රී .. මම පොලිසියේ..අවසානෙට දෙන්නම රෝහලේ..

මම මන්ත්‍රී .. මම පොලිසියේ..අවසානෙට දෙන්නම රෝහලේ..

මේ අනුව හිටපු මැති ඇමතිවරුන්ගේ අහෝසිවී ගිය මෙම බලපත්‍ර සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් දැනුවත් කර ඇතැයි දැනගන්නට ඇත.