සහෝදරයා ගැන කියපු දේට අජිත්ට යකා වැහේ ..(VIDEO)
By Piyumika
දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ජනාධිපතිවරණයට පෙර දිනයේත් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට හිටපු ජනාධිපතිවරයා හා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එක්ව කටයුතු කර ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා.
එලෙස මත්පැන් බලපත්‍ර ලබාදුන් පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ද අනුරාධපුරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඉදිරිපත් කළා.
මේ අතර හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ගේ සහෝදරයෙකුගේ නමට මත්පැන් හලක් ඇති බවට වසන්ත සමරසිංහ කළ ප්‍රකාශයට අජිත් රාජපක්ෂ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
හැකිනම් එම ප්‍රකාශය ඔප්පු කර පෙන්වන්නැයිද ඔහු අභියෝග කළා.