මම මන්ත්‍රී .. මම පොලිසියේ..අවසානෙට දෙන්නම රෝහලේ..

By Piyumika Sep 30, 2024 06:03 AM GMT
Report

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා යතුරුපැදියක් සහ මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක පැති කන්නාඩි ගැටීමෙන් ඇතිවුණු ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම වතුපිටිවල ‌රෝහලට ඇතුළත් වී ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.

හොදින් මතක තබා ගත යුතුයි..අදින් ඉවරයි..

හොදින් මතක තබා ගත යුතුයි..අදින් ඉවරයි..

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙකු රාජකාරී විවේකයෙන් පසු නිවසට ගොස් කිරි පැකට්ටුවක් රැගෙන ඒම සඳහා නැවත නිට්ටඹුව නගරයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තිහාරිය, වාරණ පාර ප්‍රදේශයේදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරුපැදියේ ගැටී ඇති බව පොලිසිය කියයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා දෙමාපියන් ඉසුරුපාය වටළයි..(VIDEO)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා දෙමාපියන් ඉසුරුපාය වටළයි..(VIDEO)

එහිදී දෙදෙනාගේම යතුරුපැදිවල සුළු හානි සිදුව තිබූ බවත් පැති කන්නාඩි ගැටී එහිදී ඇති වූ බහින්බස්වීමකින් පසු කොස්තාපල්වරයා ඔහුගේ රාජකාරී හැඳුනුම්පත පෙන්වා තමා පොලිස් නිලධාරියකු බව පවසා ඇතැයි පොලිසිය පවසයි.

අනතුරුව දෙදෙනාම වීරගුල පොලිසිය වෙත යමින් සිටියදී නැවතත් බහින්බස්වීමක් ඇතිවී එය ගුටිබැට හුවමාරුවක් බවට පත්වී ඇති අතර පසුව දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත් වී ඇතැයි පොලිසිය කියයි.