තවත් කෙනෙකුගේ ජීවිතය අමාරුවේ දාන්න අකමැති නිසා විවාහ නොවන දවස් 12ක් එක දිගට වැඩ කරපු දිනිති වල්ගමගේ (VIDEO/PHOTOS))

srilanka Dinithi walgamagr hot modles
By Sithumi Sep 16, 2021 05:45 PM GMT
Sithumi

Sithumi

Report

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වූ දිනිති වල්ගමගේ අද වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම නිවේදිකාවක් මේ දිනවල ඇය මොනවද කරන්නේ කියලා දැනගන්න අපි දිනිති වල්ගමගේ ට කතා කළා මේ ඇගේ කතාවයි

දිනිති ඇත්තටම මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දවස් වල මම අතිශය කාර්යබහුලයි. ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ කුසුම් රස්තියාදුව කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදු කෙරෙනවා .ඒ වගේම චිත්‍රපට දෙකක රූගත කිරීම ආරම්භ කිරීම නතර කරලා තියෙනවා කොරෝනා ප්‍රශ්නයක් එක්ක තවත් ටෙලි නාට්‍ය දෙකක් විකාශනය වීමට නියමිතයි.

පසුගිය කාලයේ වැඩිපුර දකින්න ලැබුණේ නැහැ ඇයි ඒ ?

හොඳ දේවල් එනකල් යනවා ඒකයි ඔහොම කියනවා ඇත්තේ.

එතකොට ගුවන් සේවිකාවකගේ භූමිකාවට මොකද වෙලා තියෙන්නෙ ?

තාම ගුවන් සේවයෙන් ඉවත් වෙලා නැහැ. මම fly කරන නිසයි වැඩ කටයුතු වලින් ගොඩක් ඈත් වෙලා හිටියෙ. අපි ගුවන් ගමනක් ගියාට පස්සේ නිරෝධායනය වෙන්න වෙනවා . එතකොට shooting යන්න බැහැනේ. ඇත්තටම ඒ වගේ ගැටලු ගොඩක් තිබුන හින්දා තමයි මම නිර්මාණවලට දායක වුණේ නැත්තේ .

දිනිතිගේ මෙතෙක් නොදුටු ඡායාරූප ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න 


ඒ වගේම මම භාරගත්ත නිර්මාණයක් covid ප්‍රශ්න හින්ද නිතර කල් යනවා ඒක හින්දා අලුත් වැඩක් බාර ගන්න බයයි මේ දිනවල පැතිර යන ඩෙල්ට ප්‍රභේදය හින්දා ගුවන් සේවිකාවක් විදිහට ලොකු අර්බුද වලට මුහුණ දෙන්න වෙලා ඇති නේද ?  අර්බුද නැහැ අපි සාමාන්‍ය විදිහට වැඩ . මම නම් කියන්නේ මම කොහෙත්ම ෆ්ලයිට්එකකින් covid හැදෙන්න විදිහක් නැහැ. අපි කරන්න පුළුවන් උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරනවා ෆ්ලයිට් එකකින් නම් හැදෙන්නේ නැහැ.

ඇයි කියන්න හදන්නේ රූගත කිරීමකදී වෛරසය හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා ද ?

ඔව් අපි රූගත කිරීමක් කරන්න මුහුණු ආවරණ ගලවනවා නේ. අනික නලුනිලියො මුහුණු ආවරණ පලඳින්නේ නැහැ. එක තමයි තියෙන එකම ගැටලුව මම හිතන්නේ නැහැ ලොකුවට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා අපි දැනගන්න ඕනේ පරිස්සම් වෙන්න ඕන කියලා එතකොට මොන දේටත් හොඳයිනේ 

ලඟදි කොහෙද ෆ්ලයි කරපු රට ?

මම ජපානයට ගියා

දිනිති පෙම්වතියක්ද?

අයියෝ නැහැ

හරියට ආදර යෝජනා එනවා කියන්නේ ?

අයියෝ එක සාමාන්‍ය දෙයක්නේ ඕනෑම ගැහැනු ළමයෙකුට ආදර යෝජනා එනවනේ 

දැන්ම විවාහයක් ගැන හිතනවද? 

නැහැ මට තවත් කෙනෙකුගේ ජීවිතය අමාරුවෙ දාන්න උවමනා නැහැ . මම මේ ඉන්න විදිය හොඳයි. මම මාර බිසී ලයිෆ් එකක් ගත කරන්නේ .මම මගේ බිසී ලයිෆ් එකේ මට නිදාගන්නවා වෙලාවක් නැති උනහම තවත් මනුස්සයෙක් ගැන මට හිතන්න වෙලාවක් නැහැ. ඊට වඩා හොඳයි ඒක ටිකක් පැත්තකට දාලා ඉන්න එක .නැත්තං තවත් මනුස්සයෙක්ගේ ජීවීතය පැත්තට දාන එක අපරාදයක් නේ. 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery