"..අපේ විවාහය චාම් විදියට තමයි ගන්න හිතාගෙන ඉන්නේ.." හදිසියේම විවාහය ගැන හෙළිකල දිනිති වල්ගමගේ..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Nov 30, 2022 05:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන, දක්ෂ නිතරම සමාජ මාධ්‍ය කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් විදිහට හා නිවේදිකාවක් විදිහටත් දිනිති වල්ගමගේ හඳුන්වා දෙන්න පුළුවන් . ඉතින් ඇය ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ සමග ප්‍රේම සබඳතාවයක් පැවැත්වීම ගැන සමාජ මාධ්‍ය දැඩිව කතාබහට ලක්වනවා .

ඒ වගේම ඔවුන් නිතරම ජීවිතවල දුක සතුට බෙදාගත්තා කියලත් ඇය කියනවා. ඉතින් ඒ විදිහට කාලයක් මේ යාළුකම පවතිද්දී සංගීත්ට සහ ඇයට තේරුම් ගියාලු ඔවුන් හොඳින්ම ගැළපෙනවා කියලා. ඉතින් එතැන පටන් ඔවුන් ආදරවන්තයන් වුණා කියලයි දිනිති කියන්නේ.

ඉතින් ඇත්තටම ඔවුන්ගේ හඳුනා ගැනීම ප්‍රේම සම්බන්ධයක් පවත්වන්න හිතාගෙන පටන්ගත්තා නම් ඔවුන්ට ඔවුන් ගැන මේ තරම් තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලත් දිනිති කියනවා. ඉතින් යාළුවෝ වගේ ඉද්දි දුර්වලතා වගේම හොඳ දේවලුත් හඳුනා ගත්ත නිසා අද ඔවුන් දෙන්නම ඉන්නේ හොඳ අවබෝධයකින් කියලයි දිනිති කියන්නේ.

ඒ වගේම ඔවුන්ගේ විවාහ උත්සවය චාම් විදිහට කරන්න තමයිලු ඔවුන් දෙන්නම අදහස් කරගෙන ඉන්නේ. මොකද ඇය කොහෙත්ම ලොකු උත්සවවලට කැමති නැති නිසා. ඒ වගේම ඇය හිතන්නෙ ඒ දේවල් සඳහා කරන වියදම් අපරාදෙ කියලලු. ඒ සල්ලිවලින් ජීවත් වෙන්න අපහසු කී දෙනෙක්ට උදව් කරනන් පුළුවන්ද කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery