ජනප්‍රිය නිලි දිනක්ෂි අලුත උපන් දියණිය ආසම දේ පිලිබඳ මුල්වරට හෙළිකරයි (PHOTOS)

By Sithumi Nov 25, 2021 05:17 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් ගැන තමයි මේ කතා කරන්නේ..ඒ තමයි දිනක්ශි හා සාරංගගේ පුංචි දුව ගැන. 

ප්රියසාද් පවුල කියපුවාම කලා ලොවේ ඉහළින්ම නම රන්දපු පවුලක් විදිහට තමයි අපි කොයි කවුරුත් හඳුනන්නේ. ප්රියසාද් මහත්මාගේ ආදරණීය දියණියන් තිදෙනා නිසා කලා ලොවේ ඔවුන්ගේ පවුල බොහොම අපූරුවට වැජඹෙනව කියලා කියල කිව්වොත් නිවැරදියි.

දිනක්ශි, ශේශාද්රි, ශනුද්රි ප්රියසාද් කියන මේ අක්කා නගාලගෙ කලා හැකියාවන් නිසාම ලංකාවෙ ප්රේක්ෂකයන් අතර ඉතාමත් ජනප්රියත්වයට මෙන්ම ඔවුන්ගේ ආදරයටත් මොවුන් තිදෙනා ලක් වෙලා තියෙනවා. 

ඒත් එක්කම දිසාසේකර පවුලත් අපි හොඳින්ම දන්න කියන පවුලක්. ලංකාවේ හිටපු ප්රවීණ නිවේදන ශිල්පිනියක් වන තිලකා රණසිංහ හා ප්රවීණ සංගීතවේදී නාරද දිසාසේකරයනුත් කවුරුත් හඳුන්න චරිත. ඔවුන් දෙපලගේ ආදරණීය පුතු වන ජනප්රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර නිසා ප්රියසාද් පවුලත් දිසාසේකර පවුලත් එකට එකතු වුණා.ඒ ප්රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ශි සමඟ විවාහ වීම නිසා. 

ඉතින් මේ ආදරණීය කලාකරුවන් දෙදෙනාගේ සිඟිති දියණිය ගැන මෑත කාලයේ බොහෝ දෙනා කතා බහ කරන මාතෘකාවක් බවට පත්වනවා. එමෙන්ම සාරංග දිනක්ෂි සෑම විටම සමාජ මාධ්ය ඔස්සේ ඔවුන්ගේ රසිකයන්ට පුංචි දියණියගේ අලුත්ම විස්තර ගෙන එන්නටත් කටයුතු කළා. 

එසේ ඔවුන් ඉදිරිපත් කරන අලුත්ම කාරණාව ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් පසුගිය දවසක සාරංග ඔහුගේ සමාජ මාධ්ය ගිණුම ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරලා තිබුණා. එහි අන්තර්ගත වෙලා තිබුනේ දිනක්ශිගේ බාල සහෝදරිය වන ශනුද්රි ප්රියසාද් පුංචි දියණිය නළවන විදිය ගැන වීඩියෝ පටයක්. 

බොහෝදෙනා මෙම වීඩියෝ පටයට ඔවුන්ගේ අදහස් දක්වලා තිබුණා වගේම ඔවුන්ගේ ආදරය ප්රකාශ කරන්නටත් අමතක කරල තිබුණෙ නැහැ. කොහොම වුණත් සාරංග කියන විදිහට පුංචි දුව කතන්දර කියනවට හරී ආසයිලු. ඉතින් ඔවුන් පොතක් අරගෙන පුංචි දුවට ඇහෙන්න කියනවා කියලා තමයි සඳහන් කරල තිබුණේ 

. කොහොම වුණත් මේ පුංචි සුරංගනාවිය නම් හරිම වාසනාවන්තයි. ඒකට හේතුව ඇයට බොහෝ දෙනකුගේ ආදරයක් රැකවරණයක් ලබන්නට උරුම වෙලා තිබෙනවා.ඒ වගේම ලංකාවක් ඇය දිහා බලාගෙන ඉන්නවා.

ඇයට ආදරය කරනවා. ඒ වගේම පුංචිලාගේ දෙනෙකුගේම ආදරය ඇයට ලැබෙනව. ඉතින් මේ පුංචි සුරංගනාවියට අපිත් ආදරෙයි කියන ගමන්ම සාරංගටත් දිනක්ශිටත් ඔවුන්ගේ ජීවිතය සාර්ථක ලෙස ගොඩනගා ගෙන යන්න බොහොම ආදරයෙන් සුබ පැතුම් එකතු කරනවා

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery