‘මම ෂූටින් ගියත් එතන අයත් හොඳටම සතුටු කරලා තමයි ගෙදර එන්නේ’ ජනප්‍රිය නිලි ඩිලුක්ෂි කියන කතාව (PHOTOS)

Sri lanka covid 19
By Sithumi Nov 28, 2021 04:32 PM GMT
Sithumi

Sithumi

Report

ලොක්කි ටෙලි නාට්යයේ ප්රවීණා ලෙස මේ දිනවල කවුරුත් හඳුනන ඩිලුක්ෂි වීරපෙරුම ගැන තමයි මේ විස්තරය. කෙටි කලකදි නාට්යය ගණනාවකට රංගනයෙන් දායක වන්නට හැකියාව ලැබුණු සිනමාවේදී ද ඇගේ රංගන දක්ෂතා පෙන්වන්නට නවක රංගන ශිල්පිනියක් ලෙස අපිට ඇයව හඳුනාගන්නට පුළුවන්.

ඉතින් පසුගිය දවසක ඇය පුවත්පතක් ඔස්සේ ඇගේ මේ දවස් වල තොරතුරු වගේම කලා කටයුතු ගැනත් කියලා තිබුණා. ඉතින් මේ දවස් වල ඇය ධරණී ටෙලිනාට්ය සමඟ තමයි වැඩ කටයුතු කරනවා කියන්නේ.ලොක්කි ටෙලිනාට්යය බොහෝ ප්රතිචාර මැද අවසන් වුණ බව දන්වන අතරම අලුත් වැඩකටයුතු වලට ආරාධනා කිහිපයක්ම ලැබුණාලු.ඇය ක්ශේත්රයට එන්නෙ 2016 වසරේදී. 

නමුත් ජනප්රිය වුණේ ලොක්කි ඩ්රාමා එකෙ ප්රවීණගෙ චරිතය හරහා. ලොක්කි නාට්යයේ ප්රවීණා කියන්නෙත් නපුරු චරිතයක් වුණාට ගොඩාක් අය කියනවලු පළවෙනි වතාවට තමයි විලන් කෙනෙක්ට ආදරේ කළේ කියලා.ඇය කියන විදියට ඩිලුක්ෂිට වඩා ප්රවීණා ජනප්රියයිලු. අනා කියලායි .චූටි කියලයි ඇයට නමකුත් හැදිලලු තියෙන්නේ.. ප්රවීණගෙ චරිතයි ඩිලුක්ෂිගේ චරිතයයි අතරේ සමානකම් තියෙනවද කියන ප්රශ්නෙට ඇය දෙන්නේ මෙවැනි පිළිතුරක්. 

 “අනේ ඔව්. මම සැබැ ජීවිතෙත් ගොඩක් විනෝදෙන් ඉන්න චරිතයක්. හැමෝම කියනවා ඩිලුක්ෂිගෙ සැබෑම චරිතෙ තමයි මේ ඇවිත් තියෙන්නෙ කියලා. මම කොච්චර ප්රශ්නවල හිටියත් මම කැමති නැහැ වෙන කෙනෙක්ට ඒ ප්රශ්නය දීලා මූඩ් අවුල් කරන්න. මම ෂූටින් ගියත් එතන අයත් හිනස්සවලා තමයි ඉන්නෙ. ඒක මම එක්ක ඉන්න ගොඩක් අය දන්නවා. 

මම සැහැල්ලුවෙන්ම ඉන්න කැමති කෙනෙක්.” ඇයට පොඩි කාලේ ඉදන්ම ආසාව තිබුණෙ නර්තන ශිල්පිනියක් වෙන්නලු. ඒ නිසා භරත ඩිප්ලෝමා එකකුත් කරලා තියනවා. සබරගමු කතක් ඔක්කොම ඉගෙන ගෙන තියනවා.නර්තනයට ගොඩක් ආදරේ කළත පසුව තේරෙන කාලය වෙනකොට රංගන ශිල්පිනියක් වෙන්න අවශ්ය වුණාලු. ක්ෂේත්රයට එන නවකයන්ට කැපිලිකෙටිලි වැඩියි කියන කතාව ඇත්තද?කියන ප්රශ්නයට ඇය කියන්නේ, 

“ඒක ඇත්ත.ඒ දේ මටත් වුණා. ඒක සාමාන්යයයි. මුලදි නම් මම සෑහෙන්න වැටුණා. මොන ක්ෂේත්රයේ වුණත් ඒ දේවල් තියනවා. දක්ෂ නම් අනිවාර්යයෙන්ම තැන තියනවා කොහෙන්හරි. කැපිලි කෙටිලි බාර අරගෙන අපි ඉස්සරහට යන්න අවශ්යයි. අදටත් මට එහෙම වුණොත් දුක්වෙනවා. කවදහරි මේ කැපිලිකෙටිලි අපිට පොසිටිව් විදියට අරන් හිනාවෙවී කතා කරන්න පුළුවන්.” 

කියලයි ඇය කියල තිබුණේ. ඇය ක්ශේත්රයට එන්නෙ සිනමාවෙන්. මේ වෙනවිට චිත්රපට තුනක් තියනවා කියනවා විකාශනය වෙන්න. ගෝත්රා, බෆලෝ ට්රැවල්, ඉන්දියාවේ නිෂ්පාදනයක් වුණු අන්දනිමිඩම් කියලා චිත්රපටයට දායකත්වය ලබා දුන් බව ඇය පවසලා තිබුණ.ඉතින් වෘත්තීය රංගන ශිල්පිනියක වන ඇය මේ රස්සාවට ,කලා ක්ෂේත්රයට බොහොම ආදරෙයි කියන අතරම සාර්ථක රංගන ශිල්පිනියක් වෙන්න ගොඩක් මහන්සි වෙන බවත් දන්වලා තිබුණා. 

අම්මා අක්ක තාත්තා කියන තුන් දෙනාගෙන්ම තුන් පැත්තකින් ඇගේ කලා ගමනට සහයෝගය ලබා දෙනවා කියලා තමයි ඇය කියන්නේ.ඩිලුක්ෂි දැනට ආදරය විඳින කෙනෙක් නෙවෙයි කියලා තමයි ඇය කියන්නේ. වෙලාව ආපුවම හොඳ කෙනෙක් ලැබුණොත් බලමු කියලත් ඇය කියල තිබුණා.කොහොම වුණත් ඇයගේ ජීවිතයේ ඉදිරි අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වෙන්න කියලා හදවතින්ම සුබ ප්රාර්ථනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery