"..ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගෙන් ඇරයුමක් ලැබුණත් මම කැමති වෙන්නේ නැතිවෙයි.. මගේ ආදර කතාව ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ..” දිල්කිට පෙම් ඇරයුමක් ඇවිත්ද.? - දිල්කි උරේෂා හදිසියේම කියන කතාව..(PHOTOS)
දිල්කි උරේෂා ගායිකාවක් වන්නේ ටික කලකට කලින්. නමුත් ඈ මෑතකදී තමයි ජනප්‍රිය වෙන්නේ, ඈ ගයන බොහෝ ගීත රසිකයින් වැලඳ ගන්නවා. මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්....
රටේ වාතාවරණය එක්ක මේ දවස්වල මොනවද කරන්නේ දිල්කී, ප්‍රසංග එහෙම අඩු ඇති නේද ..?
හැම කෙනෙකුටම වගේම මටත් ඇතැම් ප්‍රශ්න අදාළ වෙනවා. නමුත් පසුගිය කාලෙට සාපේක්ෂව දැන් නම් වැඩ ටිකක් ආයෙමත් එනවා. ප්‍රසංගවලටත් මම සම්බන්ධ වෙනවා. ආරාධනාත් ලැබෙනවා ඒක ආර්ථිකයට බලපාන්නේ නැද්ද ..? කොවිඩ් කාලේ නම් ගෙදරමයි හිටියේ, අනිත් කලාකරුවෝ වගේම, මොන ප්‍රශ්න ආවත් තවම මගේ ආර්ථිකයට නම් බලපාලා නැහැ.ඒකට හේතුව මම හිතන්නේ තවමත් අම්මා තාත්තා එක්ක ඉන්න නිසා වෙන්න ඇති.
මේ දවස්වල දිල්කි කතාබට ලක් වෙන චරිතයක් වෙලා..?
කතාබහට නම් ලක් වෙලාද කියලා මම දන්නේ නැහැ . නමුත් නිහතමානීව කියන්න ඕන මම මේ ක්ෂේත්‍රයට ඇවිත් හරිම ටික කාලයයි. නමුත් රසික ප්‍රතිචාර නම් තියෙනවා කියන එක.
දිල්කිට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගෙන් ආදරයට ඇරයුමක් ලැබුණොත් ..?
එහෙම ඇරයුමක් ලැබුණත් මම කැමති වෙන්නේ නැති වෙයි. ඒකට හේතුව මම පෙම්වතියක් නිසා. මගේ ආදර කතාව ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ. මම එයාට ආදරේ කරන නිසා එහෙම හිත වෙන කෙනෙකුට යන එකක් නැහැ .
විවාහයට කෙනෙක් තෝරා ගත්තොත් ඔබ විවාහ වෙන්නේ මුදල් මත ද..?
මටත් සල්ලි තියෙනවා. සල්ලි කියන දේ අද තියෙන්න පුලුවන් හෙට නැති වෙන්න පුලුවන්. ඒ වුණාට ආදරේ කියන එක මැරෙන කල් තියෙන්න ඕන. ඔහු ජීවත් වෙනතුරු මාත් එක්ක ජීවත් වෙන්න ඕන. මට ඕන එහෙම කෙනෙක් මිසක් සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි. අනිත් එක ආදරේ සල්ලිවලට ගන්න බැහැ. මට ආදරණීය කෙනෙක් ඉන්නවා. මම එයා එක්ක විවාහයට සූදානම් වෙනවා.
ආදරේ නිසා දුක් විඳලා තියෙනව ද..?
ආදරේ නිසා දුක් විදලත් තියෙනවා . නැහැ කිව්වොත් ඒක බොරුවක්... කතාවක් තියෙනවානේ ප්‍රථම ප්‍රේමය හිතේ හංගගෙන ජීවත් වෙනවා බොහෝ දෙනෙක් කියලා, දිල්කිත් එහෙම ද..? අනේ නැහැ. පාස්ට් ඊස් පාස්. ඒක අතිතයට අයිති දෙයක් . මම ජීවත් වෙන්නේ වර්තමානයේ. එහෙම මතක් කර කර දුක් වෙන්න අවශ්‍යම නැහැ . මම දැන් සතුටින් ජීවත් වෙන කෙනෙක්..
හර්ෂණී වීරරත්න සිළුමිණ, රසඳුන අතිරේකයෙන්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |