දිලිත්ගෙනුත් නව වසරට සුබ පැතුමක්

Report

සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා ද සුබ නව වසර වෙනුවෙන් සුබ පැතුමක් එක්කොට තිබේ.

ඒ අනුව ජාතියක් ලෙස අපේ අනාගතය ගොඩනගා ගැනීම සඳහා අතීතයේදී ඇති වූ අභියෝග, අසාර්ථකතා සහ අත්දැකීම් සියල්ලක් වටිනා පාඩම් ලෙස පිළිගනිමින්, ඒවයින් ඉගෙන ගැනීම මගින් ධනාත්මකව යොදා ගැනීම වැදගත් බවයි.

ඒ අනුව, ජාතික ඒකාබද්ධතාවය, සමාජ සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ තරුණ පරම්පරාව සඳහා ආදර්ශමත් ආරම්භක මගපෙන්වීම් සැලසීම තුළින් රටේ සාමය, සාර්ථකත්වය සහ සවිබලගත් අනාගතයක් ගොඩනගා ගැනිය හැකි බවද දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

ගම්මන්පිලෙන් බෝම්බයක් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කුමන්ත්‍රණය පරද්දන්න සජිත්ට රන් අවස්ථාවක්

ගම්මන්පිලෙන් බෝම්බයක් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කුමන්ත්‍රණය පරද්දන්න සජිත්ට රන් අවස්ථාවක්

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,

"රටක් ලෙස ඉතාමත් අභියෝගාත්මක කාලසීමාවක් පසුකරමින් 2025 වසර නිමා කළ මොහොතේ, ඒ දෙස අපි උපේක්ෂාවෙන් නැවත හැරී බැලිය යුතු බව මාගේ අදහසයි." "අපගේ ආදරණීය ජනතාව 2026 නව වසරට පා තබන්නේ අලුත් බලාපොරොත්තු, සිහින රාශියක් ඔවුන්ගේ සිත් තුළ දරාගෙ‍නයි." "එබැවින් මෙම නව වසර ජාතියේ නව අපේක්ෂාවන් ඉටුකරගන්නා වසරක් බවට අපි පරිවර්තනය කරගත යුතුව ඇත. අපගේ ජනතාව ධෛර්යය සම්පන්නව දෙපයින් නඟා සිටුවිය යුතුව ඇත." "අපි අභියෝග නුහුරු නුපුරුදු ජාතියක් නොවන්නෙමු. මුහුණ දුන් සෑම අභියෝගයක්ම දරාගත්, ජයගත් ජාතියක් වන්නෙමු."

"එළැඹෙන නව වසරේදී අපිට ජාතියක් ලෙස මුහුණ දීමට සිදුවන දේශපාලන, සංස්කෘතික හා සාමාජීය අභියෝග, බාධක හමුවේ වුවද නොසැලී, ධෛර්යය සම්පන්නව, ශක්තිමත්ව මුහුණ දෙන්නට නම් අපි තව තවත් එකමුතුභාවයෙන් සහ වීර්යයෙන් කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුය."

"එකී අධිෂ්ඨානයෙන් යුතුව ගොඩනගන්නා වූ දේශය තුළ ධනාත්මකව සිතුවිල්ලෙන් යුතුව සතුටින් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කය විය යුතුය." "අප විශ්වාස කරන්නා වූ ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නා වූ ද, අපගේ දර්ශනය වන්නාවූ ව්‍යවසායකත්ව මනසින් ලෝකය දෙස බලන විට මේ මාතෘ භූමිය ලොව සමෘද්ධිමත්ම රාජ්‍යයක් බවට පරිවර්තනය කළ හැකි බව විශ්වාසයෙන් ඔබට කිව හැකිය." "එබැවින් ලැබුවා වූ 2026 නව වසර එකී ජාතියේ අපේක්ෂාවන් ඉටුකරගන්නා වර්ෂය බවට පත්වේවායි මා සියලුම ශ්‍රී ලාංකේය ජනතාවට හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි."

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි