දේශපාලන පළිගැනීම්වලින් ජනතාව චූන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා - ඊයේ බන්ධනාගාර සිද්ධියට දිලිත් පාර්ලිමේන්තුවේ යකා නටයි
සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද(07) දින පාර්ලිමේන්තුවේදී ඊයේ(06) දින මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීමෙන් මියගිය සියලුම පාර්ශවයන් සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර සිටියා.
එසේම කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ලංකා ඉතිහාසයේ කෙතරම් බන්ධනාගාර සිදුවීම් සිදුවෙලා තිබුණ ද බන්ධනාගාර නිලධාරින් හත් දෙනෙක් මිය ගොස් නැති බවයි.
එවැනි අවස්ථාවන් මතකයට නොඑන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,
බන්ධනාගාරයේ සිරකරුවෝ 27ක් පෙළට දණ ගස්සලා වෙඩි තියලා මැරුවා - හමුදාව පොලිසිය යවලා කරපු දෙයක් ඒක - ඊයේ අපරාධෙත් මත්ද්‍රව්‍ය ගෝඩ් ෆාදර්ස්ලා ටික එකතු වෙලා කරාද කියලා සැකයි
"ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ සිදුවුණු ඉතාම ඛේදජනක සිදුවීමක් ඉදිරියේ අපි මේ පවත්වන විවාදයේ දී වඩා වැදගත් වන්නේ, අනුමාන කිරීමවලට වඩා, මඩ ගැසීම්වලට වඩා, තමන්ගේ පටු දේශපාලනය භාවිතය ප්‍රකට කිරීමට වඩා, මේ අවංකව තේරුම අරගෙන, එයට විසඳුමක් දීමට උත්සාහ කිරීම. පළමුව කණගාටු වෙනවා, ඒ සිදුවීමේදි මිය ගිය, සියලුම පාර්ශවයන් සම්බන්ධයෙන්, ලංකාවේ ඉතිහාසයේ කෙතරම් බන්ධනාගාර සිදුවීම් සිදුවෙලා තිබුණත් බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙක් මිය ගිහිල්ලා නැහැ. බන්ධනාගාර නිලධාරීන් මිය ගිය අවස්ථාවන් මගේ මතකයට එන්නේ නැහැ. එතකොට විශාල සේවයක් ඉතාම දුෂ්කර තත්වයක් තුල ඉටු කරමින් හිටපු බන්ධනාගාර සේවයේ නිලධාරීන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අහිංසක මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. මම අහිංසක කියන්නේ අපේ රටේ මේ නීති පද්ධතිය තුළම තියෙන අඩුපාඩු මේවත් ප්‍රතිබිම්භනය වන තීරණ තීන්දු ඔස්සේ මේක ඇතුළට ගියපු අය ඇති. ඔක්කොම කුඩුකාරයින්, කසිප්පුකාරයින් ගානට දාලා අපි ඔවුන් අපේ රටේ මිනිස්සු. ඒ තත්ත්වයට පත් කරමින් කතා කරන එක නෙමෙයි, යුක්තිය, යුක්ත භාවය. ජෝන් හෝඩ් කියන ඒ සමාජ සේවකයෙක්. කියලා තියෙනවා එක්දහස් හත්සිය ගණන්වලදී. මේ සිරකඳවුරු, සිර කඳවුරු ප්‍රකාශ කර සිටින්නේ, ඒ සිර කඳවුරුවල තත්ත්වය ප්‍රකාශ කර සිටින්නේ, ඒ සමාජයේ යථාර්ථයයි. මේ බිහිසුණු සිදුවීම තවදුරටත් තහවුරු කර තිබෙන්නේ, මේ සමාජ යථාර්ථය. අරාජිකත්වය ඇරඹෙන්නේම මෙවැනි ස්ථානවලින්, මෙය අරාජිකත්වය පිළිබඳ ඇරඹුමක තවත් ලකුණක්.
මම හිරේ ඉද්දි මගේ ඇස් ඉස්සරහා රැදවියෝ තුනක් මැරුණා - හිරකාරයෙක්ට ඇතුලේ ගහලා හුස්ම ගන්නේ නෑ කියලා මට කතා කරා - කෑම දෙන්නේ සෝඩා බෝතල් දෙකට කපලා - බන්ධනාගාරය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
ඒ සමාජ යථාර්ථය. අපි ආඩම්බරයෙන් කතා කරමින් මේ පාර්ලිමේන්තුවේ හැමෝම කිව්වේ දැන් ඇවිල්ලා තියෙනවා මල් පැල කියලා. ඒකෙන් අදහස් කරේ මේ උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට ආවා කියලා. නමුත් අපි උගත් ප්‍රවේශයක්ද, බුද්ධිමත් ප්‍රවේශයක්ද මේ සම්බන්ධයෙන් ගන්නේ? අද අපි සමාජයක ප්‍රගතිය තීරණය කළ හැකි කිසිම නිර්ණායකයක, ඉස්සරහට නෙමෙයි යන්නේ. මටත්, අපේ පක්ෂයටත් විවේචනයක් තියෙනවා අතීත දේශපාලනය සම්බන්ධයෙන්. මොවුන් සමඟ අපි උත්සාහ කරලත් තියෙනවා ඒවා නිවැරදි කරගන්නට එකතු වෙලා, බොහොම අවංකව. අපි මේ දේශපාලනයේ ඉන්නෙම් ඒ අවංක, සද්භාවයෙන්, චේතනාවෙන්. ඒ අර්ථයෙන් කියන්නට ඕන මේ සියලු නිර්ණායක අපි උඩින් වහගෙන යන්නට හදනවා. අපි හැබැයි යන්නේ ආපස්සට, මේ බන්ධනාගාරයේ සිදුවීම ඇතුළුව, මෙවැනි සිදුවීමක් කලින් වෙලා නෑ. මෙවැනි බිහිසුණු බිහිසුණු සිදුවීමක් කලින් වෙලා නෑ. ඒක, ඒක ඇත්ත. එතකොට එයින් කියවෙන දේත් සමාජයේ අනෙකුත් නිර්ණායක වන, අපේ සංස්කෘතිය සභ්‍යත්වය සංස්කෘතිය පිළිබඳ ප්‍රකාශනයේදීත්, අපේ ආර්ථිකයේත්, අපේ සංහිඳියාවෙත් අපි හිතනවා නම් ප්‍රගතියක් තියෙනවා කියලා, ඒක සම්පූර්ණයෙන් බොරු. අද අපි ආර්ථික වශයෙන් කතා කරන විවිධ අංක අතර, අපි කතා කරන්නේ නැහැ අපේ ණය, අපි ගෙවන්න කියෙන ණය, බිලියන එකසිය තුනක් මේ අවස්ථාව වෙනකොට. එකසිය තුනක්. ඩොලර් බිලියන. එතකොට අපේ වෙළඳ ශේෂය, එක බිලියන හතරයි දශම හතක් දක්වා වැඩිවෙලා තියෙනවා. මේ හා සාපේක්ෂව, පසුගිය අවුරුද්දට එක ගත්තොත් බිලියන දෙකයි දශම පහේ ඉඳලා, අපි මේවා කතා කරන්නේ නෑ. ආර්ථිකය සම්බන්ධයෙන් කවුරු හරි දිපු අංක ටිකක් අරගෙන කතා කරලා, අපි කියනවා ඉදිරියට යනවා කියලා. එතකොට අපි සමාජය පිළිබඳ කරන සාකච්ඡාවේදී අපි කතා කරන්නේ නැහැ. අද මේ මෙහි සඳහන් වුණු මේ මත්ද්‍රව්‍ය පිළිබඳ කතාව. මට පසුගිය සතියේ, පොළොන්නරුවේ, මැදිරිගිරියේ, අර බිසෝ බණ්ඩාර මහා විද්‍යාලයේ ගුරුවරියක් බොහොම සංවේගයෙන් ප්‍රකාශ කරපු කාරණයක්. පසුගිය අවුරුදු එකහමාර තුල පසුගිය අවුරුදු එකහමාර තුළ විශාල වශයෙන් වර්ධනය වෙලා මේ මත්ද්‍රව්‍ය භාවිතය. පාසල් දරුවන් අතර, විශාල වශයෙන්, අපි නවත්තමු කියලා බෝඩ් ගැහුවාට වැඩක් නැ. අපි සංදර්ශන පැවැත්තුවට වැඩක් නෑ. සමාජය කඩා වැටෙන කොට ඒ සමාජයේ මෙවැනි තත්ත්වයක් උදාවීම වළක්වන්නට බැහැ. අපි එය විසඳීම විනා දේශපාලන, මඩ ගැසීම්, දේශපාලන පලිගැනීම, දේශපාලනය මතම පදනම් වුනු මේ ප්‍රවේශය තුලින් අපි ඉදිරියට යන්නේ නෑ. අද මා මිත්‍ර හිටපු අධිකරණ ඇමතිතුමා, අලි සබීරි මැතිතුමා ප්‍රකාශ කළ පරිදි අද මේ ආණ්ඩුවේ මුළු බරම යොදන්නේ තමන්ගේ ඒ දේශපාලනය සහ දේශපාලන පළිගැනීම සඳහාම පමණයි. ඒ තුළින් ජනතාව උත්තේජනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ජනතාව චූන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. අපි ඔවුන්ගේ ආර්ථිකය හදන්නේ නැතුව මේ රටේ ඒ සංස්කෘතිය ගොඩනගන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ට සතුට ගෙන එන්නේ නැතුව අපි වෙනත් උපක්‍රම මඟින් ඔවුන්ව උත්තේජනය කරමින් දිනපතා ප්‍රවෘත්ති මවමින් දිනපතා කතන්දර හදමින් මේ මිනිස්සු එක්ක ඉස්සරහට යන්නට බැහැ. අපේ මේ බරපතළ කඩා වැටීම පිළිබඳ කිසිම සංවාදයක් තියෙනවද? නෑ. ඇයි? ඒ සංවාදය වෙනුවට හැමදාම කතා කරන්නේ, මේ තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යෑම සඳහාම පමණක් භාවිතා කරන, තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහාම පමණක් භාවිතා කරන ඒ පටු, දේශපාලන උපකරණ ගැන පමණයි. ඒ උත්සාහය, මේ සමාජ සංවාදය තුළ කවදාක්වත් මේ විදිහට දිගටම ගෙනියන්නට බැහැ. යම්කිසි හේතුවක් නිසා, මේ රටේ දේශපාලඥයෝ වේවා, වෙනත් කවුරු වේවා, දුෂණ කරලා තියෙනවා නම්, අනාථකාරී කටයුතුවල යෙදිලා තියෙනවා නම්, ඔවුන්ට දඬුවම් ලැබිය යුතුයි. නමුත් මේ රටේ මේ ප්‍රධාන මාතෘකාව වන්නට බැහැ. ඉතින් බොහොම ආයාචනාත්මකව ඉල්ලා සිටින්නේ, අපි ඔක්කොම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් මෙතෙන්ට ආපු අය නම් අපිට සමාජයේ සාපේක්ෂව වැඩි අවබෝධයක්, වැඩි දැනීමක් තියෙනවා කියලා, ඒ පූර්වා ආකල්පය අපි අතර තියෙනවා නම්, අපි අඩුම ගානේ මේ සංවාදය මීට වඩා ප්‍රශස්ත තැනකට ගෙනියන්නට ඕන. අද අපේ රට සංවර්ධනය වන, අලුතෙන් ධනයක් නිර්මාණය වන, අලුතෙන් අපනයනයක් නිර්මාණය වන අලුතෙන් මිනිහෙකුට රැකියාවක් නිර්මාණය වන, අලුතෙන් මිනිහෙකුට ශක්තියක් වන, කිසිම දෙයක් රටේ කරන්නේ නැතුව, කිසිම අලුත් කර්මාන්ත ශාලාවක් ගොඩ නැගෙන්නේ නැති, කිසිම අලුත් ගොඩනැගිල්ලක් ඉදිවෙන්නේ නැති, කිසිම ආර්ථික කටයුත්තක ප්‍රසාරණයක් සිද්ධ වෙන්නේ නැති රටක, අපි අතිශය පටු තැනක ඉඳගෙන, තුන්වෙනි ලෝකයෙන් අර යම ලෝකයට ඉතාම වේගයෙන් ගමන් කරමින් තිබෙන බව අපි පිළිගත යුතුයි.
බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්
අපේ ලෝකය ඉදිරියේ අද, අපි අවඥාවට ලක් වෙනවා. අපි විහිළුවට ලක් වෙනවා. අපි රටක් හැටියට ගෝලීය තරඟකාරීත්වය ඉදිරියේ ඉතාම අසරණ වෙලා තියෙනවා. අද අපිට බැරිවෙලා තියෙනවා අපේ රුපියල ශක්තිමත් කරගන්නට, ඒ රුපියල ශක්තිමක් කරගන්නට බැරිවීම නිසා, සියලුම ව්‍යාපාරික කටයුතු, සියලුම අපනයන කටයුතු දැඩි ලෙස අභියෝගයට ලක්වෙලා තියෙනවා. ඒ නිසා මම නැවත නැවතත් ඉල්ලා සිටින්නේ, මේ සහෝදර දේශපාලනඥයින්ගෙන් මේ පටු තැනින් එළියට එන්න. අපේ මව්බිමට ගොඩ නැගෙන්න සංවර්ධනය වෙන්න සමෘද්ධිමත් වෙන්න ඉඩ දෙන්න. අපේ තරුණයින්ට, මේ රට ගැන, අපේ මව්බිම ගැන, බලාපොරොත්තුවක් ඇති කරන, සාධාරණ සංවාදයක් මේ සමාජයේ ඇති කරන්න. ඒ ධනාත්මක සංවාදයක් ඇති කරන්න. ඒ තුළින් මේ රට දියුණු කරන්නට පුළුවන් ඒ අවස්ථාව භාවිතා කරන්න. එහෙම නැතිව මේ පටු තැනක ඉඳගෙන මේ දේශපාලනයෙන් අපි කාටවත් සුගතියක් වෙන් නැති බව ප්‍රකාශ කරනවා." යනුවෙන්.