මහනුවර දිස්ත්‍රික්කයේ සර්වජන බලය ආසන සංවිධායකවරුන් නම් කරයි

Report

මහනුවර දිස්ත්‍රික්කයේ 'සර්වජන බලය' දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් යටතේ නව ආසන සංවිධායකවරුන් පත් කිරීම පසුගියදා සාර්ථකව සිදු කෙරුණි.

මෙහිදී කුණ්ඩසාලේ, තෙල්දෙණිය, උඩුදුම්බර, පාතදුම්බර සහ යටිනුවර යන ආසන ආවරණය වන පරිදි නව සංවිධායකවරුන් සහ සම සංවිධායකවරුන් පිරිසක් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

කතානායක වනචරයන්ට බය වෙලා පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා - ඇමති බිමල් පාර්ලිමේන්තුවේ දෙහි කපයි

කතානායක වනචරයන්ට බය වෙලා පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා - ඇමති බිමල් පාර්ලිමේන්තුවේ දෙහි කපයි

අදාළ ප්‍රදේශවල පක්ෂයේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම, ජනතාව සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීම සහ පක්ෂයේ අරමුණු ගම්මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙහිදී නව සංවිධායකවරුන් වෙත පවරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ සර්වජන බලය නායක දිලිත් ජයවීර මහතා සඳහන් කළේ, ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් ලබාදිය යුතු බවයි.

එසේම සමාජ සේවාවන් සහ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන අතරතුර, 'සර්වජන සභා' වැඩසටහන ගම්මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කැපවන ලෙස ද ඔහු නව සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

නොරොච්චෝලේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇමති සේවකයන්ට කප්පම් දීලා - විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති

නොරොච්චෝලේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇමති සේවකයන්ට කප්පම් දීලා - විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති

මහනුවර දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධාන ව්‍යුහය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන සහ සමාජීය කටයුතු සඳහා සූදානම් වීම මෙම පියවරෙහි ප්‍රධාන ඉලක්කය වී තිබේ.

මෙම අවස්ථාවට සර්වජන බලය විධායක කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.