ඔරුවක් පෙරළී ධීවරයෙකුට සිදුවූ දේ..

Sri Lanka Accident
By Sewvandhi May 21, 2023 04:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දික්වැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු ඔරුව පෙරළී අතුරුදන්ව ඇති බව වාර්ථා වනවා.

මොහු සමඟ සිටි තවත් ධීවරයෙකු ඔරුව පෙරළුණ අවස්ථාවේ පිහිනා ගොඩට පැමිණ ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි.

මෙම අනතුර අද (21) පස්වරුවේ සිදුව ඇති බව වාර්තා වනවා.

පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම ඔරුව පෙරළී ඇති බව වාර්තා වේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 64 හැවිරිදි කොරටුව - බතීගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now