රත්තරන් සොයන්න මිය ගිය ව්‍යාපාරිකයාගේ මිනී වල හාරලා

gold Jaffna Uriyakadu dig the grave Walvatithurei
By Sewvandhi Jun 10, 2021 12:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වසර 10 කට පෙර මිය ගිය ව්‍යාපාරිකයා මිහිදන් කල ස්ථානයේ කැනීම් කොට රත්තරන් සෙවූ දෙදෙනෙකු යාපනය, වැල්වැටිතුරෙයි, උරිකාඩු හි සුසාන භූමියේදී අත්අඩංගුවට ගත් බවට වැල්වටිතුරෙයි පොලීසිය පවසයි.

උරියකාඩු සුසාන භූමියෙහි වසර දහයකට පෙර වළදැමූ මිනී වළවලක් තුළ කැණීම් කොට රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහ කරන පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලීසිය වෙතට යුදහමුදා නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිනිවළ හාරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ධීවර රැකියාව කරන අතර වසර ගණනක සිට උරිකාඩු හි සුසාන භූමියේ කුලීපදනම මත මිය ගිය අය වෙනුවෙන් මිනී වළවල් හැරීමද සිදුකරන බවයි.

මීට වසර දහයකට පෙර මියගිය ව්‍යාපාරිකයෙකු සතු රත්තරන් සමගින් මිහිදන් කොට ඇති බවට ප්‍රදේශයේ පැතිරගිය කටකතාවක් හේතුවෙන් සැකකරුවන් දෙදෙනා එම මිනීවළ හාරා රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහදරා ඇති බව පොලිසියට තොරතුරු ලැබී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha