හිරුණිකා CID ගියේ පද්ම හින්දද? OIC මාධ්‍යට කියන්න එපා කිව්වේ ඇයි? හිරුණිකා සියල්ල වමාරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉකුත් පෙබරවාරි 5 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇති බව අපි කලින් වාර්තා කළා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් ලැබී ඇති තොරතුරු අනුව, ඇය පෙරවරු 9.30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර, පස්වරු 12.30 පමණ පිටත් වී ගොස් ඇති බව තහවුරු වෙනවා. මෙම ප්‍රකාශය ලබාදීම සිදු වුණේ දැනට රැඳවුම් නියෝගය යටතේ CID භාරයේ සිටින පාතාල කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තා සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
හිරුණිකා මහත්මිය සමඟ 'ගගන' ඒ ගැන විමසු විට ඇය CID ගිය බව තහවුරු කර ඇති අතර, තවදුරටත් එය කියා සිටියේ;
"මම CID ගිය එක ඇත්ත.. ප්‍රකාශයක් ලබා දුන්නේකත් ඇත්ත.. හැබැයි මම කෙහෙල්බද්දර පද්මේ සම්බන්දව ප්‍රකාශයක් දුන්නේ නැහැ.. මම මාධ්‍යට මම ගිය එක කිව්වේ නැති එකට හේතුව මට එහෙ OIC ගුණසේකර මහතා කිසිම දැයක් මාධ්‍යට කියන්න එපා කිව්වා. ඒකයි මම නිහඬව හිටියේ.. සමහර වෙබ් අඩවි හා නිවුස්වල මගේ නම දාල අසත්‍ය දේ පලකරලා තිබුණා, මම නිහඬව බලා ඉන්නවා"
යයි කියා සිටියේය.