හදිසියේම රෝහල්ගත වූ රාජ්‍ය ඇමතිනී ඩයනාට මොකද වුනේ?..

Report

ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පහරදීමට ලක් වූ බව පැවසූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පස්වරුවේ දී ම ඇතුලත් විය.

රාජ්‍ය ඇමතිනී ඩයනා හදිසියේම රෝහල්ගත වෙයි..

රාජ්‍ය ඇමතිනී ඩයනා හදිසියේම රෝහල්ගත වෙයි..


මේ වනවිට ඉන් පිටව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

ඊයේ පස්වරුවේ රෝහල් ගත වූ ඇය පැය කිහිපයකින් පසුව ඉන් පිටව ගිය බවයි වාර්තා වන්නේ.

මේ අතර, පාර්ලිමේන්තු සංකීර්ණයේ පුස්තකාලය ආසන්නයේ දී  ඇය සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සමඟ බහින්බස්වීමක් සිදු විය.

එයට එම පක්ෂයේ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා ද මැදිහත් විය.

මේ සම්බන්ධයෙන් ඇය මුලසුන දැනුවත් කිරීමට කටයුතු කළේ ය.

එහිදී උණුසුම් තත්වයත් පාර්ලිමේන්තුවේ ඇති වූ අතර පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිණ.

කෙසේ වෙතත්, අනතුරුව යළි ආරම්භ වුණ පාර්ලිමේන්තුවේ දී  කථානායකවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කළේ ය.