ධනුෂ්ක තනි නිවසක ඇප මත සිටීමට අවසර ඉල්ලයි.
By Wayomi
පසුගියදා කාන්තාවකට කිහිප වතාවක්ම ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදා හරිනු ලැබුවා.
එලෙස ඇප මත කල් ගෙවන ඔහු නැවත අධිකරණයේ පෙනී සිටීමින් තම ඇප කොන්දේසියක් වෙනස් කිරීමට ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, එක් නිදන කාමරයක් සහිත මහල් නිවාසයකට යාමට අවසර දෙන ලෙසයි.එනම් මෙහිදී ඔහු ආධාරකරුවෙකු සමඟ වාසය කිරීමට අවශ්‍ය බවයි.
ධනුෂ්ක ගුණතිලක අතවර චෝදනා ලද පසු දින 11 ක් රිමාන්ඩ් භාරයේ සිටි අතර පසුව පසුගිය මාසයේ ඇප ලබාගත්තේ රටින් පිටව යාම තහනම, සමාජ මාධ්‍ය භාවිතය තහනම ඇතුළු කොන්දේසි රැසක් මතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |