ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට.

By Hashini Oct 17, 2023 06:12 AM GMT
Report

 ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම සම්පුර්ණයෙන් ඉවත් කර තිබෙනවා.

එම තහනම ඉවත් කිරිමටට නිර්දේශ කර තිබෙන්නේ ස්වාධීන පරීක්‍ෂණ කමිටුව විසිනි.

ධනුෂ්ක ගුණතිලකට නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් උසාවියේ ගොනු කර තිබු නඩු විභාගයේ සියලු චෝදනා වලින් පසුගියදා නිදහස් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ එම නිදහස් වීමත් සමඟම ඔහුට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කළ බවයි.