ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව ගැන ගත් අලුත්ම තීරණය..!
අද දින,සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව කැඳවීමේදී ඔහුට විරුද්ධ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල් දමා තිබේ .
සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි.
දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මුඳාහරිනු ලැබුවේ නොවැම්බර් 17 වැනිදාය.
නමුත් ධනුෂ්ක ගුණතිලකට දැඩි කොන්දේසි රැසක් එහිදි පැනවු අතර එහිදි ධනුෂ්කට රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් ද තහනම් කළේය.
ඊට අමතරව පැමිණිලිකාරිය ඇමතීමට හෝ සම්බන්ධ කරගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම සහ ටින්ඩර් ඇතුළු යෙදුම් භාවිත කිරීමෙන් වැළකීමද ඇප කොන්දේසි අතර වුණි.
අද අධිකරණයේ නඩුව කැඳවු අවස්ථාවේදී සඳහන් කළේ, එම දැඩි නීති ඉදිරියටත් වලංගු බවය. ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි පෙබරවාරි 23 වනදා කැඳවීමට නියමිතව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |