දහම් පාසල් අවසාන ධර්මාචාර්‍ය ව්භහය ජාතික සුසුදුකමක්?

Report

දහම් පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් මේ වන විට ඉතා අඩු ප්‍රතිශතයක් වාර්තා වන අතර ඉරිදා දින අමතර පන්ති වලට සහභාගී වූවත් දහම් අධ්‍යාපනය ලැබීමට දරුවන් යොමු නොවේ.

එම නිසා දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් සඳහා සලකා බැලීමේ විභාග ලැයිස්තුවට ඇතුලත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ පිළිබඳව අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති බවයි. දහම් පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් වැඩි වශයෙන් යොමුකිරීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසුවේ, ඇතැම් ආයතනවලට රැකියා සඳහා බඳවා ගැනීමේදී අදාල විභාග සහතිකවලට නිසි පිලිගැනීමක් නොලැබෙන බවයි.

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

ඒ තත්ත්වය මත බොහෝ සිසුන් දහම් පාසල් අධ්‍යාපනයට යොමුවීම පහල ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. මෙරට පාසල් 10096ක, අධ්‍යාපනය හදාරන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 40 කට අධිකයි.

දහම් පාසල් 10647ක් පැවැතියද දහම් පාසල් අධ්‍යාපනය සඳහා යොමුවී සිටින්නේ සිසුන් ලක්ෂ 18 ක පිරිසක් පමණයි. සිසුන් ලක්ෂ 22ක් පමණ දහම් පාසල් අධ්‍යාපනට යොමුවී නොමැති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ ය.

එම නිසා දහම් අධ්‍යාපනය හදාරන සිසුන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර අධ්‍යාපනික සුදුසුකම් දියුණු කර ගැනීම සිදු කළ යුත්තක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.