කඩවසම් නළු දෙව්නක පෝරගේ..සියල්ලන් පුදුම කරමින් මේ කියන කතාව ඇත්තද..(PHOTOS)
සිංහල සිනමාවේ අපූරු සලකුණක් නිර්මාණය කරන්නට හැකියාවක් ලැබුණු අග්‍රගන්‍ය සිනමා නිර්මාණයක් තමයි ඝරසර්ප කියලා කියන්නේ. ඉතින් මේ නිර්මාණය ඔස්සේ සමාජය තුළ අතිශය ජනාදරයට පත් වුණු රංගන ශිල්පියෙක් පිළිබඳව තමයි අද මාතෘකා කරගන්නේ. ඔහු තමයි දෙව්නක පෝරගේ. බොහෝ විට ජනතාව අතර ඔහු ආකර්ෂණීය චරිතයක් බවට පත්වන්නට හේතු කාරණාවක් වෙන්නේ ඔහුගේ කඩවසම් රූප ස්වභාවය.
හින්දි නළුවෙක් හා සමාන රූප ලක්ෂණ තිබෙන නිසාවෙන් වගේම ඔහුගේ රංගන හැකියාවනුත් මූලික හේතුවක් බවට පත්වෙනවා සමාජය තුළ කතා බහට ලක්වන චරිතයක් බවට පත්වන්නට. ඉතින් මේ දිනවල ටෙලි නිර්මාණ කීපයක් ඔස්සේම ඔහුව අපට දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. එමෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වන නොම්බර 9 කියන නිර්මාණයෙන් ඔහුගේ රංගන හැකියාවන් අපට දැක බලාගන්නට පුළුවන්.
මේ වන විට නීති විද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන සිසුවකු විදිහට අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් කලා කටයුතු පිළිබඳවත් ඔහු බොහොම අවධානයෙන් සිටිනවා. ඉතින් පසුගිය දවසක ඔහු සම්බන්ධ වුණු සාකච්ඡාවකදි ඔහු සඳහන් කරල තිබෙන්නේ නීතිය පිලිබඳව ඉදිරරියේදී රාජකාරි කටයුතු කලත් කුඩා කාලයේ දී පටන් සම්බන්ධ වෙලා හිටපු කලා කටයුතුවලින් ඔහු ඉවත් වෙන්නේ නැති බව තමයි සඳහන් කරන්නේ. මීට හේතුව ඔහු රංගන ශිල්පියෙක් වගේම ගායනය ද විනෝදාංශයක් විදිහට සිදු කරන නිසා. ඉතින් ඔහු කලා කටයුතු ආරම්භ කරන්නේ ඔහුට වයස අවුරුදු හතක් පමණ කුඩා කාලයේ දී. ඉතින් මේ වන විට ඔහු වෘත්තියෙන් රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන බවත් සඳහන් කරනවා.
ඒත් එක්කම දෙව්නක මෙහිදී සදහන් කරන දෙයක් තමයි ඔහු කුඩා කාලයේදී පටන්ම තනියම තීරණ ගන්න පෙළඹුණු කෙනෙක් බව. ඔහු තමයි ඔවුන්ගේ පවුලේ එකම දරුවා. කුඩා කාලයේ දී ඔහු දෙමව්පියන්ගෙන් සහෝදරයෙක් හෝ සහෝදරියක් ඉල්ලලා සිටියත් එවැනි අවස්ථාවල ඔහුගේ මව විසින් සඳහන් කරන දෙයක් තමයිලු තවත් සහෝදරයෙක් සහෝදරියක් සිටියා නම් අද දෙව්නක මේ සිටින ස්ථානයෙ ඔහුට ඉන්න පුළුවන් වෙන්නේ නැතැයි කියන කාරණාව.
කොහොම නමුත් ඔහුගේ පියාගේ ආභාෂයත් එක්ක ඔහු තනි තීරණ ගන්න පෙළඹෙන්න ඇති කියලා මෙහිදී සඳහන් කරලා තිබෙනවා. කොහොම නමුත් කෙටි කාලයකින්ම බොහෝ ප්‍රේක්ෂක ආදරයක් හිමි කරගන්නට හැකියාවක් ලැබුණු මේ නවක රංගන ශිල්පියාගේ ඉදිරි කලා කටයුතුවලට වගේම අධ්‍යාපනය කටයුතු වලටත් බොහොම ආදරයෙන් සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම තමයි ඔහු අවසාන වශයෙන් සඳහන් කරල තිබෙන විවාහය පිළිබඳව කාරණාවේදීත් ඔහු බලාපොරොත්තු වන සියලු දේවල් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා වගේම තමයි විවාහය පිළිබඳව දෙමව්පියන්ගේ කැමැත්ත මත තීරණය ගැනීමට යොමු වෙනවා කියලත් ඔහු මෙහිදී සඳහන් කරල තිබුණා.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |