රටක් මවිතකල දෙව්මි රටම හඬවමින් හදිසියේ දෑස් වසා ගනී..
දෛවයට අභියෝග කරමින් තම ශාරිරික දුබලතා කිසිදු තැකීමක් නොකරමින් අ.පො.සා/පෙළ විභාගය ඒ සාමාර්ථ නවයක් ලබා ගත් දිරිය දියණියක් පිළිබඳ පසු ගිය දවස් වල වාර්තා විය.
නමින් දෙව්මි රන්සරා කුලතුංග දැරිය හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් තිබෙයි.
2020 වසරේ අපොස සාමාන්‍යපෙළ විභාගයෙන් ඉතාමත් ඉහළ ප්‍රතිඵල ලද දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබීය. අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත.
උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු ඇය ශිෂ්‍යත්වය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම සමත්වීමත් සමඟ රටේම අවධානය ඇය වෙත යොමුවිය.
සිය දෛවයට අභියෝග කරමින් අධ්‍යාපනයෙන් සුපිරි දස්කම් පෙන්වූ ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත.
ඇයගේ ඉගටියෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික තත්වයෙනුයි පසුවු අතර මාපියන් විසින් ඇයව පාසල වෙත රැගෙන ආවේද වඩාගෙනයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |