මොහුව දැක්කද? දුටු තැන දැනුම් දෙන්න - පොලිසිය සහය පතයි
පොලිසිය විසින් දෙහිවල ප්‍රදේශයේ පසුගිය දෙසැම්බර් 30 වැනිදා16 හැවිරිදි දැරියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි.
ඔහු මෙම අපරාධය සිදුකළ වෙඩික්කරු ලෙස කර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණවී ඇත.
අරුමාදුර සමීර සිල්වා නමැති අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු 071 85 96 408 යන දුරකතන අංකය ඔස්සේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටියි.
