කිරි සප්පයෝ ඉස්සරහම තාත්තට තියපු වෙඩිල්ල ගැන තවත් විස්තර එළියට

Sri Lanka Police Law and Order Gun Shooting Sinhala news Breaking News
By Kaushi Aug 13, 2025 03:07 PM GMT
Kaushi

Kaushi

Report

මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු පුද්ගලයකු ඉලක්ක කර අද (13) දින පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණු අතර ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ දිලීප ලක්මාල් හෙවත් 'පස් දිලීප' නමින් හඳුන්වන අයෙක්.

අඳාළ පුද්ගලයාගේ කුඩා දරුවන් ඉදිරිපිටදී ම මෙම වෙඩිතැබීම සිදුවී ඇති අතර නිවැසියන් සඳහන් කළේ ආරක්ෂක අංශ භාවිත කරන ශාරීරික සුවතා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී වෙඩික්කරුවන් පැමිණ තිබූ බවයි.

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

ඒ අනුව අද දහවල් 2:30ට පමණ යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ අදාළ නිවස වෙත පැමිණ ඇත.

ඒ මොහොතේ දිලීප ලක්මාල් හෙවත් පස් දිලීප නමින් හඳුන්වන තැනැත්තා ඔහුගේ මිතුරෙක් සහ බිරිඳ නිවස ඉදිරිපිට සිට ඇති අතර ඔහුගේ දරුවන් තිදෙනෙකු මිදුලේ සිට ඇති බව සඳහන්.

එවිට පස් දිලීප ඉලක්ක කර වෙඩිතැබීමට යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනා උත්සාහ කළද එය ව්‍යාර්ථ වීමත් සමඟ ඔවුන් පලා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය වන විට පස් දිලීපගේ දරුවන් තිදෙනාද මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර වෙඩිතැබීම සිදුවී ඇත්තේ ඔවුන් ඉදිරිපිටදීම බව වාර්තා වේ.

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

එසේම වෙඩිතැබීම අසාර්ථක වූ පසු වෙඩික්කරුවන් පලායන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්වී තිබෙනවා. මේ වන විටත් පොලීසිය සැකකාර වෙඩික්කරුවන් සොයා විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

එමෙන්ම පොලීසිය සැක පළ කරන්නේ පස් ජාවාරමේ නිරත මේ වනවිට විදෙස්ගතව සැඟව සිටින 'වෑලිය සුරාජ්' නමැත්තා මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇති බවටයි.

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

ඔහු පස් දිලීපට ඔහුගේ පස් ව්‍යාපාරය නතර කරන ලෙසට තර්ජනය කර ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමත් සමග 2025 වසරේ අද දිනය දක්වා කාලය තුළ වෙඩිතැබීම් 80ක් සිදුවී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්වී ඇති පුද්ගලයින් ගණන 44ක් ලෙසත් 47 දෙනකු තුවාල ලබා ඇති බවටත් වාර්තා වේ.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි