ඒ පාර ආයෙත් ඔන්න වැඩ වර්ජනයක්, බලන් ගිහාම වැඩ කරන දවසක් නෑ
වෙන් කළ ආසන සහිත දුම්රිය වෙනුවෙන් අනීතික ආකාරයට වෙන් කරවාගත් ප්‍රවේශ පත්‍ර භාවිතා කිරීමට යළි අවස්ථාව ලබා දී ඇති බවට ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය චෝදනා කරන බව වාර්තා වේ.
ඒ අනුව එහි ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ තම සංගමය ඊට විරුද්ධ වන බවයි.
එසේම මෙයට නිසි පියවරක් නොගන්නේ නම් අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයක නිරත වන බවත් පවසා ඇති බව සඳහන්.
මින් පෙර මාර්ගගත ක්‍රමය හරහා දුම්රිය ආසන වෙන්කර ගැනීමේදී ප්‍රවේශපත්‍ර කළුකඩ මිලට අලෙවි කරන සංවිධානාත්මක පිරිසක් නිසා දෙස් විදෙස් සංචාරකයින් දැඩි වශයෙන් අසාධාරණයට ලක්වන බව වාර්තා වුණා.
ඒ අනුව එම ගැටලුව විසඳීමට දුම්රිය ආසන වෙන්කිරීමට අදාළ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ මස පළමු වැනිදා සිට පියවර ගෙන තිබුණා.
ඒ අනුව නව වැඩපිළිවෙළ අනුව දුම්රිය ආසන වෙන්කර ගැනීමේදී ඉල්ලුම්කරුගේ හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය විය.

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා
එමෙන්ම එම හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය හිමි ඉල්ලුම්කරු ගමනට එක්වීම අනිවාර්ය කිරීමත් සිදු වුණා.
එසේ වුවද මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී තවත් අලුත් ගැටලුවක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
එනම් ඇතැම් විදේශීය සංචාරකයින් නියෝජිත ආයතනවලින් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේදී ඒවායේ අදාළ විදේශිකයාගේ පාස්පෝට් අංකය සඳහන් නොවීම නිසා මුදල් ගෙවා ප්‍රවේශපත්‍ර වෙන් කරවාගත් විදේශිකයන්ට එම දුම්රිය මැදිරියේ ගමන් කිරීමට අවස්ථාව හිමි නොවූ අතර ඒ වෙනුවට ඔවුන්ට තුන්වැනි පංතියේ ටිකට් පතක් අලුතින් මිල දී ගෙන ගමන් කිරීමට සිදුව ඇත.

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර
මේ තත්ත්වය මත දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා චෝදනා කරන්නේ මෙම දුම්රිය ප්‍රව්ශපත්‍ර ගැටලුව පිටුපස දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිටින බවටයි.
මේ අතර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා දුම්රිය ආසන වෙන්කිරීමට අදාළ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට හඳුන්වා දුන් නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේදී මතුවී ඇති ගැටලූ සති 3 කින් පමණ විසදනු ඇති බව සඳහන් කර තිබෙනවා.