දේශානි ඉසුරු බ්‍රේක් අප් එක ප්‍රෑන්ක් එකක්ද? - රැවැට්ටුවට දේශානිට ප්‍රේක්ෂකයින් හොඳවයින් අමතයි[PHOTOS]

Report

පහුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් කතාවක් තමයි ඉසුරු - දේශානි පෙම් කතාව. ගහගෙන බැනගෙන නිමා වුණා කියලා පෝස්ටර් ගහපු එ ප්‍රේම හුටපටේ ඔන්න ආයෙත් අලුත් කරමින් කරලියට ඇවිල්ලා.

ඒ නිකන් නෙවෙයි, දේශානිට වෙච්ච අසාධාරණයට කඩු කිණිසි උස්සන් උරණ වුණු කට්ටියගේ වැහිලා තිබ්බ ඇස් හොඳ හැටි විවෘත කරලා කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ.

ඒකට හේතුව මෙන්න මේකයි. විවෘත කරපු මහනුවර 'ඩෝප් හවුස්' නමින් බාර් එකේ සමාරම්භක උත්සවයට ආරාධනා කර තිබූ ශිල්පීන් අතර මේ දෙන්නාත් හිටියා.

උත්සවේ දී මේ දෙන්නා අසුන් ගත්තේ සෙල්ෆි ගැසුවේ සිනාසුනේ එකට. ඒකත් එක්ක දේශානිගෙයි ඉසුරුගෙයි මේ හැසිරීම, සියල්ල අමතක කර එකට සිටීම ප්‍රේක්ෂකයින් රැවටීමට ලක්කිරීමක් විදිහට මේ වෙද්දි නැවත කථාබහක් මතු කරලා තියෙනවා.

මේ අතර ඊයේ (10) දේශානි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් “Tolerance doesn’t mean weakness.” (ඉවසීම යනු දුර්වලකමක් නොවේ.) යනුවෙන් සඳහන් කර මහනුවර උත්සවයට පෙනී සිටි ඇඳුමින් ඇයගේ පමණක් ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා.

ඉසුරු දේශානි ආදර අන්දරය අවසන් වුණේ ගුටි කෙළියකින්ද? දේශානිගේ තුවාලේ නිසා සමාජ මාධ්‍ය කැළඹේ

ඉසුරු දේශානි ආදර අන්දරය අවසන් වුණේ ගුටි කෙළියකින්ද? දේශානිගේ තුවාලේ නිසා සමාජ මාධ්‍ය කැළඹේ

හැබැයි ඒකට නම් අනුකම්පාව වෙනුවට ඇයට ලැබුණේ පාඨකයින්ගේ විවේචන. ඒ ඇය ප්‍රේක්ෂකයින්ව රැවටීමකට ලක් කර ඇති බවට‍යි.

එමෙන්ම ඇය වෙනුවෙන් මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි රසිකයින් කියන්නේ ඇයගේ පෙර හැසිරීම් සහ ප්‍රකාශ විශ්වාස කරමින් ඇය වෙනුවෙන් කතා කළ තමන්, මෙම හදිසි වෙනස්වීම හමුවේ අපහසුතාවයට පත් වූ බවයි.

ඒ විතරක් නෙවෙයි පෞද්ගලික ගැටලු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් රටටම පුවත් මවා, නැවත කිසිත් නොවුණාක් මෙන් හැසිරීම සමාජය ඉදිරියේ රඟපෑමක් ලෙසට ද ඔවුන් හඳුන්වයි. 

''ආදරේ කරන්න ඕන කැපවෙන්න ඕන තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියන මිනිහෙක්ට විතරයි '' කළකිරුණු ප්‍රේමය ගැන දේශානිගෙන් සටහනක්

''ආදරේ කරන්න ඕන කැපවෙන්න ඕන තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියන මිනිහෙක්ට විතරයි '' කළකිරුණු ප්‍රේමය ගැන දේශානිගෙන් සටහනක්

තෝ ලංකාවෙ පස්පාගන්න හිතන්න එපා මම ගිහින් ඕකගෙ හොක්කට දෙකක් ඇනල එන්නම් - ජනපතිගේ සමීප මිතුරෙක්ට ජවිපෙන් තර්ජන

තෝ ලංකාවෙ පස්පාගන්න හිතන්න එපා මම ගිහින් ඕකගෙ හොක්කට දෙකක් ඇනල එන්නම් - ජනපතිගේ සමීප මිතුරෙක්ට ජවිපෙන් තර්ජන

GalleryGalleryGalleryGalleryGallery