අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දුගෙන් රිට් පෙත්සමක්

By Shehan Mar 10, 2025 06:36 AM GMT
Report

තමන්ව අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

දේශබන්දු සොයන්න පොලිස් කණ්ඩායම් 6 ක්!

දේශබන්දු සොයන්න පොලිස් කණ්ඩායම් 6 ක්!

මෙම පෙත්සම අද (10) අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ වග උත්තරකරුවන්ට නොතිසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙසය.