ආරක්ෂක හේතූන් මත දේශබන්දුගේ බන්ධනාගාරය වෙනස් කරයි
ඊයේ දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පොලිස්පති දේශබන්ඳු තෙන්නකෝන් මහතා හිටපු බන්ධනාගාරයෙන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
ආරක්ෂක හේතුන් මත ඔහුව මෙලෙස එම බන්ධනාගාරයට ඇතුළත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සදහන් කළේ. 2022 වසරේ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඔහු, ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ නියෝග කළා.