මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

Vehicle Southern provincial department-of-motor-traffic-spacial-notice
By Aruna Sep 30, 2021 07:50 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝබර් 01වැනිදා සිට යළි ආරම්භ කරන බව දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොරෝනා අවදානම හේතුවෙන් දකුණු පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අගෝස්තු 16 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලික අත්හිටුවා තිබිණි.

2021.08.16 වැනිදා සිට 2021.09.30 වැනිදා දක්වා කල් ඉකුත්වූ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා 2021.10.01 වැනිදා සිට 2021.10.31 වැනිදා දක්වා මාසයක සහන කාලයක් ලබාදී ඇත.

අදාළ කාලය තුළ කල් ඉකුත් වූ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී සලකා බලන, යෝග්‍යතා සහතික සහ වාහන ලියාපදිංචි සහතික සහන කාලයේදී කල් ඉකුත්ව ඇත්නම් එහි වලංගු කාලය 2021.10.31 වැනිදා ලෙස සලකා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන බවද දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ආර්.යූ.අයි. දිසානායක පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha