රැකියා විරහිත උපාධිධාරින්ට දුන් පොරොන්දුව..
By krishani
අද (23) පෙරවරුවේ සාකච්ඡාවක් සඳහා රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ ඇත.
ඒ 2020 වසරෙන් පසු උපාධිය ලබාගත් සියලු දෙනාට ගුරු උපාධිය ලබාදෙන ලෙස ඉල්ලමින් ය.
සති දෙකක් ඇතුළත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සමඟ සාකච්ඡාවක් ලබාදීමට එහිදී ඔවුන්ට පොරොන්දු වී ඇති අතර පොරොන්දු වූ පරිදි දිනයක් ලබා නොදුනහොත් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින් සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් පවසා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |